|
||
මේ රටේ
ජාතික බලවේගවල
නායකයා
|
මේ බලපෑමත් මට එන්න ඇති දේශපාලනයට එන්න. ඊටත් වඩා කොමියුනිස්ට් පක්ෂයේ බලපෑම ලැබුණා. ඒ වගේම මගේ පවුලේ අය කොමියුනිස්ට් පක්ෂයට හිතවත් අය.
අනෙක මහණ වුණාට පස්සේ තමයි මම දැඩි ලෙස කියවන්න නැඹුරු වුණේ. ඇන්ටන් චෙකෝෆ්ගේ, ගෝර්කිගේ පොත පත, මැක්සිම් ගෝර්කියෝ කෘති විශාල ලෙස මගේ ජීවිතයට බලපෑවා.
හුඟාක් සාම්ප‍්‍රදායික පන්සලක මම පැවිදි වුණේ. සාම්ප‍්‍රදායික කියන්නේ ශීලය, භාවනාව වැනි දේට වැඩියෙන් නැඹුරු වූ පන්සලක්.
ඒ ඔස්සේ මට පුහුණුවක් ලැබුණා වාඩියේ සුමංගල ලොකු හාමුදුරුවෝ සහ පොල්වතුගොඩ ඥානාලෝක හාමුදුරුවෝ මගේ ගුරු දේවයන් දෙදෙනා වුණා.
ඒ අය තමයි මගේ මුල්ම ගුරුවරු වුණේ. පාලි, සංස්කෘත වැනි භාෂා පිළිබඳ හසල දැනුමක් මේ ගුරුවරු දෙදෙනාට තිබුණා.
ලොකු හාමුදුරුවෝ හොඳට හින්දි භාෂාව දැනන් හිටියා. ඒ සියල්ල මගේ පැවිදි ජීවිතය අර්ථවත් කරගන්න බලපෑවා.
ඒ වාගේම මගේ පැවිදි ජීවිතයේ මුල් කාලයේ මට විශාල ශාසනික හැඟීමක් තිබුණා. ශාසනික පතපොත කියෙව්වා. ඊට පස්සේ කලක් යන කොට මම විශාල ලෙස මාක්ස්වාදී පතපොත කියවන්න නැඹුරු වුණා.
ඒ මට අවුරුදු 18 න් පස්සේ වගේ. 1988 – 89 කැරැල්ල සිදුවන්නේ අපේ තරුණ කාලයේදී. අපේ තරුණ කාලේ විශාල ලෙස සමාජයේ හැල හැප්පිලි වැඩි කාලයක් කිව්වොත් නිවැරැදියි.
ඒ වගේ උතුරු නැඟෙනහිර ත‍්‍රස්තවාදයට අපේ තරුණ කාලය හසුවුණා. ඇත්තෙන්ම අපි ඉපදුණේ තරුණ කාලයක් නැති යුගයක. මම සාමාන්‍ය පවුලක කෙනෙක්.
මම අද මේ තත්ත්වයට ආවෙ මට තිබුණ සමාජ ආවේගය නිසාමයි. එක පැත්තකින් ත‍්‍රස්තවාදය අනෙක් පැත්තෙන් සමාජ පීඩාව. අනෙක් පැත්තෙන් විශ්වවිද්‍යාල ප‍්‍රශ්න. මේ සියල්ලම මගේ චින්තනයට තදින් බලපෑවා. ඒ නිසාමයි මම මාක්ස්වාදයට නැඹුරු වුණේ.
නෑ මම කිසිදාක ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් වෙලා සිටියේ නෑ. එහෙත් ඒ යුගයේ තිබූ ශිෂ්‍ය අරගලයත් සමඟ මම හිටියා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධව ඉන්න ඇති කියා.
එහෙත් මම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් නොවන්න හේතුවුණේ ඒ කාලයේ මගේ වයසට වඩා ඈතින් මම හිතන්න පුරුදුව සිටියා.
ඇත්තම කිව්වොත් මම වයසට වඩා පැහිලා වැඩියි. මාඕවාදය, මාක්ස් වාදය, ඔය ගොඩක් පොතපත මම ඔය වෙනකොට කියවා තිබුණා. ඉතින් ඒක හින්දා ඕනවට වඩා මගේ ඔළුව වැඩියි.
විශේෂයෙන් මම මාඕ සේතුංගේ ජීවිතය ගැන විශාල ලෙස කියවා තියෙනවා. ඔහුගේ චරිතය මගේ ජීවිතයට හුඟක් බලපෑවා. මම ඇත්තට ඒ චීන විප්ලවය දැක්කේ බෝධි සත්ව කි‍්‍රයාවක් ලෙස.
මම මුල් කාලයේදී දැක්කේ බුදු දහමෙත් සමාජවාදය තියෙනවා, මාක්ස්වාදයෙත් සමාජවාදය තියෙනවා කියලා. දාර්ශනික ලෙස අරන් බැලුවොත් මේ දෙකේ ලොකු වෙනස්කම් තියෙනවා.
ඇත්තෙන්ම 1971 කැරැල්ලෙන් සහ 1988 කැරැල්ලෙන් අපේ සමාජයට ලොකු ඛේදවාචකයක් වුණා. නිරපරාදේ රට ගැන හැඟීමක් තිබූ තරුණ පරම්පරාවක් තමයි මේ මැරිලා ගියේ.
ඉතුරු වෙච්ච අයටත් ආත්ම ශක්තිය නැතිකළා. ඇත්ත වශයෙන්ම 1971 කැරැල්ල මම තවමත් දකින්නේ තුමන්ත‍්‍රණයක් කියලා.
ඒ පිළිබඳව තොරතුරු රැසක් මට ලැබිලා තියෙනවා. අද වුණත් මට තේරෙන්නේ කවුරු හරි සංවිධානාත්මකව කරපු වැඩක් කියලා.
හැබැයි 88 – 89 මතු වුණේ ස්වාභාවික කැරැල්ලක් කියලයි මම හිතන්නේ. සමාජය අතරින් විශාල ආවරණයක් සහිතව, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ තිබුණු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාව නිසා රටේ ආර්ථික ප‍්‍රශ්න නිසා ඇති වූ කැරැල්ලත්, ඒක මතුවෙන්න සමාජයෙන් හැම උත්තේජනයක්ම ලැබුණා.
එදා විජේවීර හිටියත් නැතත් ඒ කැරැල්ල මතුවීමට සමාජයේ පසුබිමක් තිබුණා.
ඔව්. පාඨලී චම්පික රණවක ඇමැතිතුමා සමඟ තමයි එකතුවෙලා අපි ඒ සංවිධානය බිහිකෙළේ. ඒ 1991 පමණ. ශිෂ්‍ය ව්‍යාපාර, තරුණයන්ගේ බලය මුල්කරගෙන තමයි අපි මේ ව්‍යාපාරය බිහි කළේ.
ඊළඟ සමාජ ප‍්‍රශ්නය පරිසර ප‍්‍රශ්නය නිසා මුල්වරට ඉදිරිපත් කෙළේ මේ ව්‍යාපාරය සැලකිය යුතු විශ්වවිද්‍යාල ගණනාවකම අපේ ව්‍යාපාරය පැතිරී තිබුණා.
එහෙත් ජ.වි.පෙ. ආගමනයත් සමඟ අපේ සංවිධානය පවත්වාගෙන යාමට ශක්තියක් තිබුණේ නෑ.
අපි ඉන්පසු බහුජන ව්‍යාපාරවලට මාරුවුණා. එහි ප‍්‍රතිඵලයක් තමයි ජාතික සංඝ සභාව. ඒක හැදුවේ අත්පොත් ලිව්වේ සැලසුම් හැදුවේ මම. මම එහි නිර්මාතෘ කියලා කිව්වොත් හරි.
ඒකේ ප‍්‍රසිද්ධ හාමුදුරුවරු ගොඩක් හිටියා. ඒකේ සභාපති, ලේකම්ලා කියන අයට කිසිම අදහසක් තිබුණේ නෑ. එහෙත් අපට වැඩ කරන්න ප‍්‍රසිද්ධ නම් නැතිව බැරිවුණා.
එහෙත් අපට තේරුණා ඒ අයත් එක්ක තවදුරටත් යන්න බැරි බව. 2002 රනිල් වික‍්‍රමසිංහ මහත්තයා බලයට එනකොට මේ ප‍්‍රසිද්ධ හාමුදුරුවරු ටික යූ.එන්.පී.යට හැරුණා.
රට පාවාදුන් අවබෝධතා ගිවිසුමට කිසිම උද්ඝෝෂණයක් තිබුණේ නෑ. ආපහු අපි එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ මූලිකත්වය තබාගෙන අපි සංඝ සම්මේලනය හැදුවා. එහි පරිසමාප්තිය තමයි ජාතික හෙළ උරුමය.
මගේ සිත්ගත්ම දේශපාලන චරිතය තමයි මාඕ සේතුං. ඒ වගේම හෝච්මිංගේ චරිතයටද මම කැමැතියි. දේශීය වශයෙන් මම කැමැති චරිත කීපයක් තියෙනවා. ඒත් නම් කියන එක හරි නෑනේ.
ඒ වෙලාවේ රටේ තිබුණු අරාජිකභාවය තමයි අපව දේශපාලනයට ගෙන ආවේ. එකක් අන්‍යාගම්කරණය. අනෙක් කරුණ ත‍්‍රස්තවාදය හමුවේ අපේ නායකයෝ හැසිරුණු නිවට ආකාරය. සදාචාරාත්මක පිරිහීම, බේබදුකම, තරුණ අසහනය, මේ සියල්ල අපේ දේශපාලන ආගමනයට බලපෑවා.
කවුරුත් දන්නවා අපි මේ වනවිට කර ඇති වැඩ කටයුතු ගැන. මාවිල්ආරු සොරොව්ව වැසීමට ජනමතය පෙළ ගැස්වීමේ සිට චන්ද්‍රිකා මැතිනියගේ ආධාර සමුළුවේදී අප කළ දේශනය විදෙස් රටවල සිංහල සංවිධාන ඇතිකර ඒවා ත‍්‍රස්තවාදයට විරුද්ධව මෙහෙයවීම. අන්තර්ජාතික සංවිධානවලට අප සංදේශ යැව්වා.
දෙමළ ජාතිවාදී මතය පරාජය කරන්න, කොටි දළදා මාලිගාවට පහරදීම ගැන අප රටේ විශාල ජනමතයක් ගොඩ නැඟුවා.
මම මීන ලග්නේ.
ඒකත් යම් විදියක විද්‍යාවක්. ගණිත ශාස්ත‍්‍රයක් ලෙස මම පිළිගන්නවා. එහෙත් ඒවගේ එල්බගෙන මම නැහැ. නැකැත් බල බලා වැඩ කිරීමක් නැහැ. අපේ වැඩත් එක්ක නැකැත් කරන්න බැහැනේ.
අපිව නිදහස් කරන්න, අපිව ගලවන්න දෙවියන්ට බෑ. හැබැයි දෙවියන් ඉන්නවාය කියන එක බුද්ධාගම ප‍්‍රතික්ෂේප කරන්නේ නෑ. අපිටත් පේන්න නැති විදියට දෙවියන් කියා ශක්තියක් තියෙනවා. හැබැයි මිනිසුන් ගලවා ගන්නවත්, දුකෙන් මුදවා ගන්නවත් දෙවියන්ට බෑ. අපි දෙවියන්ට පින්දෙන්න ඕනෑ.
මම නැටුම්වලට, සංගීතයට විශාල ලෙස කැමැතියි. කලාවට පමණක් නෙමෙයි හොඳට කී‍්‍රඩා කරන්නත් ඒ දවස්වල මට හැකියි. කී‍්‍රඩා තරගවලින් ජයග‍්‍රහණය කර තිබෙනවා.
මට ඒ කාලේ වයසේ හැටියට හොඳට දුවන්න පුළුවන් තරුණයෙක්. ඒ කාලේ මට ඔය තබ්ලාව, බටනලාව හොඳට වාදනය කරන්න පුළුවන්. දැන් ඒ හැකියාවන් මැරිලා ගිහිල්ලා.
ජනාධිපතිවරයා ශ‍්‍රීලනිපයට පමණක් අයිති පුද්ගලයෙක් නෙමෙයි. ඔහු මේ රටේ ජාතික බලවේගවල නායකයා ලෙසයි මම හඳුන්වන්න කැමැති. අපේ වගකීම ඔහුව ආරක්ෂා කරගෙන නිවැරැදි මාවතේ ගෙනයන්න කටයුතු කරන එක.