තෙරුවන පිහිට වන හැටි

තෙරුවන පිහිට වන හැටි

සේ කියන්නේ ද, ලෝකයා එය පිළිගන්නේ ද වෙද මහතාගේ අනුශාසනය රෝගය සුව කර ගැනීමේ ප‍්‍රධාන හේතුව වූ නිසා ය. වෙද මහතාගේ අනුශාසනය රෝග සුවය ලැබීමේ ප‍්‍රධාන හේතුව වන බැවින් වෙද මහතා රෝගය සුව කෙළේ ය යි ද රෝගය සුව කර ගැනීමට පිහිට වූයේ ය යි ද කිය යුතුය.

බුදුරජාණන් වහන්සේ ද සත්ත්වයනට සියලු දුක්වලින් මිදීමේ හා සකල ලෞකික ලෝකෝ්තර සම්පත් ලබා ගැනීමේ ද, ක‍්‍රමය දක්වා අනුශාසනය කළ සේක. දුකින් මිදෙනු කැමැත්තෝ ඒ අනුශාසනය පරිදි කි‍්‍රයා කොට දුකෙන් මිදෙති. ඒ ඒ සම්පත් ලබනු කැමැත්තෝ ද උන් වහන්සේගේ අනුශාසනය පරිදි කි‍්‍රයා කොට ඒවා ලබා ගනිති.

ඒ අනුශාසනය නො ලැබිණි නම් සත්ත්වයනට ඒ දෙක සිදු කර ගත නො හෙන බැවින් ඒ දෙකරුණට තථාගතයන් වහන්සේ ගේ අනුශාසමනය ම ප‍්‍රධාන වේ.

එ බැවින් සියලු දුකින් මිදිමට හා සියලු සම්පත් ලැබීමට තථාගතයන් වහන්සේ පිහිට වන සේකැ යි කිය යුතු ය. එසේ ම පිළිගත යුතු ය.

කුඹුර ගොවියාට වී ලබා ගැනීමට උපකාරී වීම් වශයෙන් පිහිට වන්නකි. එහෙත් ගොවියා වී ලබා ගනුයේ ඔහුගේ මහත් වූ වීර්යෙනි. ගොවියා ගේ ප‍්‍රයෝජනය පිණිස අල්ප ව්‍යායාමයකුදු කුඹුර නො කරන්නේ ය. එහෙත් කුඹුර නැතිව කොතෙක් උත්සාහ කළත් ගොවියාට වී නො ලැබිය හැකි බැවින්, කුඹුර වී ලබා ගැනීමට ගොවියාට පිහිට වන්නක් සැටියට සෑම දෙන ම පිළිගනිති. මනුෂ්‍යයන් විසින් කුඹුර වටිනා දෙයක් ලෙස පිළිගන්නේ ද ඒ නිසා ම ය. ව්‍යායාමයක් නැති, බැවින් කුඹුර මනුෂ්‍යයන්ට පිහිටක් නැති දෙයක් නම්, මනුෂ්‍යයෝ එය වටිනා වස්තුවක් ලෙස නොපිළිගනිති.

සකල පාපමලාපගමයෙන් සුපරිශුද්ධ වූ ද, අර්හත් සර්වඥත්වාදි අපරිමිත ගුණ සාරයෙන් සාරවත් වූ ද, සන්තාන ඇති තථාගතයන් වහන්සේ පින් නමැති උත්තම වස්තුව ලබා දීමෙන් සත්ත්වයනට පිහිට වන්නා වූ කුඹුරකි. උන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම් මාත‍්‍රය පවා නොයෙක් වර දෙව් මිනිස් සැප ලැබීමට හේතු වන කුශලයෙකි.

පූජා සත්කාර කිරීමෙන් ලැබිය හැකි කුශලය ගැන කියනුම කිම? එය සියලු දුක් දුරු කර ගැනීමටත් සියලු සම්පත් ලැබීමටත් හේතු වන කුශලයෙකි. ඒ මහත් වූ කුශලය තමාගේ ම උත්සාහයෙන් ලබා ගන්නක් වනනමුත් බුදුන් වහන්සේ ඒ සඳහා කරන ව්‍යායාමයක් නැති එහෙත්, තථාගතයන් වහන්සේ ලොව පහළ නො වී නම් සත්ත්වයනට ඒ කුශලය ලබා ගත නොහෙන බැවින් ගොවියාට කුඹුර පිහිට වන්නාක් මෙන් තථාගතයන් වහන්සේ සත්ත්වයනට පිහිට වන බව දත යුතු ය.

අප ශී‍්‍ර සිද්ධාර්ථ ගෞතම සාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේට මීට චතුරසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර ම නිවන් ලැබිය හැකි ව තිබුණේ ය. උන් වහන්සේ එදා ලැබිය හැකි ව තිබූ නිවන සත්ත්වානුකම්පාවෙන් හැර සසරට පිවිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අතිදීර්ඝ කාලය මුළුල්ලෙහි මහා ව්‍යායාමයක් කළ සේක. එය කරන ලදුයේ සත්ත්වයනට පිහිට වනු පිණිස මය. දැන් අපට පිහිට වන්නා හු අපගේ මවුපියාදී කිසිවෙක් අපට දුකක් පැමිණ කල ඉන් අප මුදවා ගනු පිණිස තමන් ගේ ශරීරවලින් ලේ කළඳකුදු මස් කළඳකුදු වියදම් නො කරන්නාහ. එහෙත් බුදුන්වහන්සේ අපට පිහිටවනු පිණිස බුද්ධත්වය පතා ධනය ද අඹුදරුවන් ද තමන් වහන්සේ ගේ ඇස් ඉස් මස් ද ජීවිතය ද සියදහස් ගණන් ජාතිවලදී පරිත්‍යාග කළ සේක. එ බැවින් මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ අපට පිහිට වනු පිණිස කළ කි‍්‍රයා රාශිය ද ඉතා මහත් බව දත යුතු ය. එය මෙතෙකැයි ප‍්‍රමාණ කරන්නට ද නුපුළුවන.

ධර්මරත්නය සත්ත්වයනට පිහිට වන ආකාරය මෙසේ ය. ලෝකෝත්තර ධර්ම නවය අතුරෙන් සෝවාන් මාර්ගය, එය ලබා ගත් තැනැත්තා සතර අපායෙන් හා ජාති සතකින් මත්තෙහි ඔහුට ලැබෙන්නට තිබෙන සංසාර දුºඛයෙන් ද එතර කොට නිවනට පමුණුවයි. සෝවාන් මාර්ගයට පැමිණි ආර්ය ශ‍්‍රාවකයා හට එහි ආනුභාවයෙන් නැති වූ දුºඛස්කන්ධය මහා පොළොවේ පස් සමූහය මෙන් ද, ඔහුට ඉතිරි දුºඛය කෙනෙකු විසින් මහ පොළොවෙන් නිය පිටට ගත් පස් ස්වල්පය මෙන් ද දත යුතුය. සකෘදාගාමි මාර්ගය එක් වරකින් මතු කාම ලෝකයේ ඉපද ලබන්නට වන දුºඛ ස්කන්ධයෙන් ඒ මාර්ගය ලැබූ පුද්ගලයා එතර කොට නිවනට පමුණුවයි. අනාගාමි මාර්ගය, මතු කාමලෝකයේ ඉපිද ලැබිය හැකි දුºඛස්කන්ධයෙන් එයට පැමිණි පුද්ගලයා එතර කොට නිවනට පමුණුවයි. අර්හත් මාර්ගය, මේ භවයෙන් මතු ඉපදීමෙන් ලැබිය හැකි දුºඛස්කන්ධයෙන් එයට පැමිණි පුද්ගලයා එතර කොට නිවනට පමුණුවයි. නිර්වාණ ධර්මයවනාහි සකල සාංසාරිකපායික දුºඛස්කන්දය නිවීම් වශයෙන් ඒ ඒ මාර්ග ඵලයන්ට පැමිණියවුන්ට පිහිට වේ. දුක් නැති කර ගැනීමට ඇත්තා වූ උසස් ම පිහිට ඒ නිවන ය. පය¸ාප්ති සංඛ්‍යාත පිටකත‍්‍රය ධර්මය වනාහි සියලු දුක් නැති කර ගැනීමේ හා සියලු සම්පත් ලබා ගැනීමේ ද මාර්ගය දැක්වීම් වශයෙන් සත්ත්වයන්ට පිහිට වේ.

සංඝරත්නය වනාහි බුද්ධ රත්නය මෙන් ම ලෝකයාට ධර්මානුශාසනය කිරීමෙන් හා දානාදි පුණ්‍ය කර්මයන් කර ගැනීමට ස්ථානයක් වීමෙන් ද සත්ත්වයන්ට පිහිට වේ.

සරණ ගමනය

බුද්ධාදි රත්නත‍්‍රය සත්ත්වයනට මහත් පිහිටක් වතුදු, සියල්ලෝ ම ඒ රත්නත‍්‍රය පිහිටක් සැටියට පිළිගෙන සේවනය නො කරති.

මිථ්‍යාදෘෂ්ටිය නමැති පටලයෙන් වැසුණු සිත් ඇත්තා වූ බොහෝ දෙනා රත්නත‍්‍රය සුළු කොට සලකා පරිකල්පිත වූ ද සත්‍ය වශයෙන් නැත්තා වූ ද දෙවියන් ගේ පිහිට සොයති. රත්නත‍්‍රය හැදින ගත්තෝ ම ය එය උතුම් පිහිටක් වශයෙන් පිළිගෙන සේවනය කරති.

යමෙක් බුද්ධාදි රත්නත‍්‍රය උතුම් පිහිටක් වශයෙන් පිළිගනී නම් ඒ පිළිගැනීම සරණ ගමන යයි කියනු ලබේ. බුද්ධාදි රත්නත‍්‍රය උතුම් පිහිට තුනක් සේ පිළිගැනීමෙන් ඒ තැනැත්තා තිසරණයෙහි පිහිටියේ ය යි ද කියනු ලැබේ. තිසරණයෙහි පිහිටීමෙන් හෙවත් බුද්ධාදි රත්නත‍්‍රය තමාට ඇති සියල්ලට ම උතුම් පිහිට තුන යයි පිළිගැනීමෙන් ඒ තැනැත්තාට උපාසක යන නාමය හිමි වේ. බෞද්ධයා යනු ද ඔහුට නමෙකි.

සරණ ගමනයේ ප‍්‍රභේද

සරන ගමනය වනාහි ලෝකෝත්තර සරණ ගමනය ලෞකික සරණ ගමනය යි දෙවැදෑරුම් වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා