රටේ සියලුම සම්පත් ආරක්ෂා කිරීමට .....

රටේ සියලුම සම්පත් ආරක්ෂා කිරීමට
ජනාධිපතිතුමා පියවර ගෙන තිබෙනවා

- ඇමැති ඒ.එච්.එම් පවුසි වේරහැර විද්‍යාලයේදී පවසයි


බොරලැස්ගමුව නගර සභාව එම ප‍්‍රදේශයේ පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය නැංවීමේ පියවරක් වශයෙන් ඔවුනට නොමිලේ අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩසටහනක් වේරහැර විද්‍යාලයේදී ඇමැති ඒ.එච්.එම්. පවුසි මහතා අතින් ආරම්භ කෙරුණු අයුරු. බොරලැස්ගමු නගර සභාවේ සභාපති අරුණ ප‍්‍රියශාන්ත මහතා ප‍්‍රමුඛ නාගරික මන්තී‍්‍රවරුන් පිරිසක් ද මෙහි වෙති.
ඡායාරූපය - කැස්බෑව සංචාරක ධර්මසිරි සුරවීර

අද කොළඹ පාසල්වල ඉගෙනුම ලබන දුෂ්කර පළාත්වල දරුවන් පාසලට පැමිණෙන්නේ උදේ පාන්දර 4 ට අවදි වෙලා. මේනිසා පාසලට පැමිණෙන විටත් නැවත පාසල ඇරී නිවසට යන විටත් එම දරුවන් නිදි .

මේ දරුවන්ට නිවසට පැමිණියත් ඉගෙනීමේ කටයුතු කිරීමට වේලාවක් නැහැ. එනිසා මේ වාතාවරණය වෙනස් කළ යුතු බව ඛනිජ හා ඛනිජ සම්පත් සංවර්ධන ඇමැති ඒ.එච්.එම්.පවුසි මහතා ප‍්‍රකාශ කෙළේය.

මේ වාතාවරණය වෙනස් කිරීමට නම් කොළම පාසල්වලට මෙන් දුෂ්කර පළාත්වල පාසල්වලටද අවශ්‍ය සියලුම යටිතල පහසුකම් සහ ගුරුවරුන් නොඅඩුව ලබා දී එම පාසල් දියුණු කළ යුතු යැයි හෙතෙම පැවසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කෙළ් බොරලැස්ගමුව නගර සභාව මගින් එම බල ප‍්‍රදේශයේ පිහිටි සියලුම පාසල්වල සිසුදරු දැරියන්ට නොමිලේ අභ්‍යාස පොත් ලබා දීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කරමින් පසුගියදා වේරහැර විද්‍යාලයේ පැවැති එහි සමාරම්භක උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ඒ.එච්.එම්. පවුසි මහතා මෙසේ ද කීය.

කොළඹට කර තිබෙන සංවර්ධනය ඇතැයි ද මින් පසුව කොළඹින් පිට පිහිටි ප‍්‍රදේශ වැඩියෙන් සංවර්ධනය කළ යුතු යැයි අපේ ජනාධිපතිතුමා පසුගියදා ප‍්‍රකාශ කළා. ජනාධිපතිතුමා කරන ලද මේ ප‍්‍රකාශය ඉතාමත් වටිනවා.

මේ අනුව ඉදිරියේදී ගම් ප‍්‍රදේශවල පවතින සෑම අඩුපාඩුවක්ම එම ප‍්‍රදේශවල සිටින මහජන නියෝජිත මහත්වරුන්ගෙන් දැනගෙන එම අඩුපාඩු සම්පූර්ණ කර ගම් පළාත් දියුණු කිරීම සඳහා අපේ ජනාධිපතිතුමා කටයුතු කරයි කියා අපට අනිවාර්යයෙන්ම විශ්වාසයි. එවිට මෙවැනි දුෂ්කර පළාත්වල තිබෙන පාසල්තුළින් රටට නායකත්වය ලබා ගත හැකි දරුවන් බිහිකළ හැකි වෙනවා.

මේ රටෙහි වසර ගණනාවක් පුරා පැවැති යුද්ධයෙහි අවසාන අදියර සඳහා අද අපේ වීරෝදාර රණවිරුවන් පැමිණ තිබෙනවා. ඒ අතර අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රටේ සියලුම සම්පත් ආරක්ෂා කරමින් ජනතාවට සේවය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇප කැප වී කටයුතු කරනවා.

බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප‍්‍රියශාන්ත මහතා ද බොරලැස්ගමුව නගර සභාවේ විපක්ෂනායක දීපාල් ප‍්‍රසන්න ගුණවර්ධන ද කැස්බෑව ශ‍්‍රී.ල.නි.ප. සංවිධායක හිටපු පාර්ලිමේන්තුª මන්තී‍්‍ර චන්දන කති‍්‍රආරච්චි පිළියන්දල කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ලතා ප‍්‍රියංගනී සහ විදුහල්පති ජී.සිරිවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු කිහිප දෙනෙකුම කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා