මුද්‍රණය සඳහා

 
මාතර - කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරිම්වල නිරතවී සිටි .....

මාතර - කොළඹ අධිවේගී මාර්ගයේ ඉදිකිරිම්වල නිරතවී සිටි
තමිල්නාඩු ද්‍රවිඩයන් 10ක් සැකපිට අත් අඩංගුවට

කොළඹ – මාතර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටි ඉන්දියාවේ තමිල්නාඩු ද්‍රවිඩ ජාතිකයින් දස දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බණ්ඩාරගම පොලීසිය ඔවුන්ව හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ‘බී’ වාර්තාවක් සමඟ ඉදිරිපත් කෙරිණ.

ඔවුන් සියලු දෙනාම පොලිස් භාරයේ තබාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා අයේෂා ආබ්දීන් මහේස්ත‍්‍රාත්වරිය රැදවුම් නියෝග නිකුත් කළාය මේ ද්‍රවිඩ ජාතිකයන් කොළඹ මාතර මහා මාර්ගය ඉදි කිරීම සඳහා ඉන්දියාවේ තමිල් නාඩුවෙන් ගෙන්වා ඇති බව ඔවුන්ගේ විදේශ ගමන් බලපත‍්‍ර පරීක්ෂා කිරීමේදී පෙනී යයි.එහෙත් කොටි සංවිධානයට සම්බන්ධ දැයි සොයා ගැනීම පොලීසියේ පරමාර්ථය වී ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]