රටම කම්පා කළ විශ්වමඩු කොටි ප‍්‍රහාරයේ දෝංකාරය

මුලතිව්-පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශයේ දී

කොටි ත‍්‍රස්තයෝ සිවිල් වැසියන් දහනව දෙනකු වෙඩි තබා මරති

කොටි ග‍්‍රහණයෙන් මිදී පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශයට පලා එමින් සිටි සාමාන්‍ය වැසියන්ට කොටි ත‍්‍රස්තවාදීන් ඊයේ (10) උදේ එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් 19 දෙනකු මිය ගිය අතර 75 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ අය ගුවන් මගින් වවුනියාව හා අනුරාධපුර රෝහලට කඩිනමින් ගෙන ගිය බවත් යුද හමුදාව පවසයි.

ඒ – 35 මාර්ගයේ පුදුකුඩුඉරුප්පු උදයාර්කට්ටු වෙත ඊයේ (10) අලුයම 1057 දෙනකු පමණ එමින් සිටියදී කොටි පහර දී ඇතැයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර සඳහන් කෙළේය.

එදින අලුයම හයට පමණ මේ ප‍්‍රහාරය එල්ල වූ බවත් ඊට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කර ත‍්‍රස්තයන්ගේ ප‍්‍රහාර මැඩ පවත්වා ඇති යුද හමුදා භට පිරිස් තුවාල ලැබූවන් හා අනෙකුත් වැසියන් මුදාගෙන ඇති බවත් ආරක්‍ෂක අංශ සඳහන් කරති. මේ සිද්ධිය පිළිබඳ දැනුම් දුන් වහාම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා මගින් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූවන් රෝහල් කරා රැගෙන යාමට පියවර ගෙන තිබිණි.

තුවාල ලැබූවන්ට ප‍්‍රතිකාර ලබා දීම සඳහා යුද හමුදා වෛද්‍ය කණ්ඩායම් ද යොදවා තිබෙන අතර පැමිණි පිරිසට ආහාරපාන ඇතුළු අනෙකුත් අවශ්‍යතා සැපැයීමට ද යුද හමුදාව පියවර ගෙන තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා