කොටි ත‍්‍රස්තවාදීන්ගේ වෙඩි ප‍්‍රහාරවලට ලක්වීමෙන්



මුලතිව් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ කොටි ග‍්‍රහණයෙන් මිදී හමුදාපාලන ප‍්‍රදේශවලට පලාඑද්දී කොටි ත‍්‍රස්තවාදීන්ගේ වෙඩි ප‍්‍රහාරවලට ලක්වීමෙන් අතකට හා පාදයකට වෙඩි වැදුණු සිඟිති දරුවකු සිය මව සමඟ රෝහලේදී දිනමිණ කැමරාවට හසුවූ අයුරු ඡායාරූපය - කිත්සිරි වනසිංහ






මුලතිව්-පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශයේ දී

කොටි ත‍්‍රස්තයෝ සිවිල් වැසියන් දහනව දෙනකු වෙඩි තබා මරති

කොටි ග‍්‍රහණයෙන් මිදී පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශයට පලා එමින් සිටි සාමාන්‍ය වැසියන්ට කොටි ත‍්‍රස්තවාදීන් ඊයේ (10) උදේ එල්ල කළ වෙඩි ප‍්‍රහාරවලින් 19 දෙනකු මිය ගිය අතර 75 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ අය ගුවන් මගින් වවුනියාව හා අනුරාධපුර රෝහලට කඩිනමින් ගෙන ගිය බවත් යුද හමුදාව පවසයි.ඒ – 35 මාර්ගයේ පුදුකුඩුඉරුප්පු උදයාර්කට්ටු වෙත ඊයේ (10) අලුයම 1057 දෙනකු පමණ එමින් සිටියදී කොටි පහර දී ඇතැයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර සඳහන් කෙළේය.

විස්තර »

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අලුත්ම පාඩම කියා දීමට අපට හැකි වුණා

- ජනපති

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ නවතම පාඩම ලොවට කියා දීමට අපට හැකි වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) කොළඹදී ඇරැඹි සාර්ක් පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරුන්ගේ සමුළුව වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තු කටයුතු ඇමැති එම්. එච්. මොහොමඩ් මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ දී ඊයේ ඇරැඹි සාර්ක් පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරුන්ගේ සමුළුව දෙදිනක් පුරා පැවැත්වේ..සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගි වූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනය ඉදිරිපත් කළ අතර එහි මෙසේ ද සඳහන් විය.

විස්තර »

අකුරණ ප‍්‍රා. සභා සභාපති සිම්සාන් සන්ධානයට එක්වෙයි

එජාප පාලනය යටතේ පවතින අකුරණ ප‍්‍රාදේශීය සභාවේ සභාපති මොහොමඩ් සිම්සාන් මහතා ඊයේ (10) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර රැලියේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සන්ධානයේ ජයග‍්‍රහණය සඳහා සහයෝගය දීමට එක්විය. සංචාරක නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ සම්බන්ධිකරණය ඔස්සේ ජනපති වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් වූ ඒ මහතා 1991 සිට එජාප කි‍්‍රයාකාරියකු ලෙස දේශපාලන ක්ෂේත‍්‍රයේ නිරතවිය. මෙහිදී අදහස් දැක්වූ මොහොමඩ් සිම්සාන් මහතා ජනපති තුමන් සේනාධිනායකයා ලෙස විශිෂ්ට නායකත්වයක් ලබාදෙමින් උතුරේ ත‍්‍රස්ත‍්‍ර ප‍්‍රශ්නය මුළුමනින්ම විසඳීමට කි‍්‍රයාකරමින් සිටින මේ මොහොතේපවා පක්ෂ බේදයෙන් තොරව එතුමා ශක්තිමත් කිරීම ජාතික වගකීමක් බව ප‍්‍රකාශ කෙළේය.

විස්තර »

බටහිර කුරවිල්කුලම් බලය හමුදාව අතේ පතරොම් කන්ටේනරයක් සොයාගනී

මුලතිව් කුරවිල්කුලම් බටහිර ප‍්‍රදේශයේ බලය ඊයේ (10) දහවල් අත්පත්කරගත් ආරක්‍ෂක හමුදාව විසින් එම ප‍්‍රදේශයේ තිබූ ත‍්‍රස්තවාදීන් සතු පතරොම් පිරවූ කන්ටේනරයක්ද සොයාගෙන තිබේ.මේ කන්ටේනරයේ ටී56 සහ එම්. පී. එම්. ජී. වර්ගයේ පතරෝම් ලක්ෂ ගණනක් තිබී ඇත. මේ පතරොම් තොගයේ වටිනාකම රුපියල් කෝටි ගණනක් විය හැකි බවත් ආරක්‍ෂක අංශ විශ්වාස කරති.මානුෂීය මෙහෙයුම ආරම්භ කළදා පටන් හමුදාවට හමු වූ විශාලතම පතරොම් තොගය මෙය බවත් ආරක්‍ෂක අංශ සඳහන් කළහ.

විස්තර »

වයඹ-මධ්‍යම ජය සන්ධානයටයි

- ඇමැති ඩලස් අලහප්පෙරුම

වයඹ හා මධ්‍යම දෙපළාතේ මැතිවරණ කොට්ඨාස හතළිහේම (40) ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.මේ වන විටත් මැතිවරණ කොට්ඨාස 39 ක ජයග‍්‍රහණය සියයට සියයක්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන බවට තහවුරු වී ඇතැයි පවසන අලහප්පෙරුම මහතා පවසයි.
 

විස්තර »