අලුතින් ලියැවෙන ඉතිහාසය

කවුද මේ ප‍්‍රභාකරන්

සම්පූර්ණ නම - වේලුපිල්ලේ ප‍්‍රභාකරන් පිරිපාහරන්, පිරබාහරන්, පිරහාකරන් ලෙසට ද ව්‍යවහාර කෙරෙන අතර වඩාත් ප‍්‍රචලිත නම ප‍්‍රභාකරන් ලෙසටය.

* වෙනත් නම් – දූරෙයි, තම්බි, කරිකාලන්

* උපන් දිනය – 1954 නොවැම්බර් 26

* උපන් ස්ථානය – යාපනයේ වැල්වැටිතුරෙයි

* ලිපිනය – අංක 322, පොයින්ට් පේදුරු පාර, වැල්වැටිතුරෙයි.

* අධ්‍යාපනය ලැබූ පාසල – වැල්වැටිතුරෙයි චිදම්පරම් විද්‍යාලය, සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන ඇත.

* පාසල් සමයේ විනෝදාංශ - පොත් කියවීම ජූඩෝ හා කරාටේ කී‍්‍රඩාව සරුංගල් ඇරීම

* මරණය - 2009 මැයි 18

 පවුලේ විස්තර

* පියාගේ නම – තිරුවේන්කාදම් වේලුපිල්ලේ

* පියාගේ උපත – 1924 ජනවාරි සිංගප්පූරුවේදී

* මවගේ නම – වල්ලිපුරම් පාර්වතී

* සහෝදර සහෝදරියන් - වැඩිමල් සහෝදරයා - මනෝකරන් වේලුපිල්ලේ

* බිරිය – වනජාදේවි

* වැඩිමල් සහෝදරිය - ජෙගදීස්වරී

* සැමියා - මාතියාපරණම්

* දෙවෙනි සහෝදරිය – විනෝදනී

* සැමියා - රාසේන්දිරන්

* පියාගේ වෘත්තිය - සිංගප්පූරුවේ තැපැල් සේවාවට සම්බන්ධ කටයුතු කර තිබේ. 1947 විවාහයෙන් පසුව ලංකාවට පැමිණ තිබේ. පසුව ලංකාවේ රජයේ ලිපිකරු සේවයේ යෙදී ඇති අතර අවුරුදු 58 දී විශ‍්‍රාම යන විට ඉඩම් නිලධාරියෙකු ලෙස සේවය කර තිබේ.

* බිරිය – මදිවදිනි

* විවාහය සිදුවූ දිනය – 1984 ඔක්තෝබර් 01 වැනිදා තමිල්නාඩුවේ චෙන්නායි නුවර මුරුගන් කෝවිලේදී

* බිරියගේ පියා - වී. කේ. එරම්බු

* බිරියගේ මව - සින්නම්මා

* දරුවන් – 1 චාල්ස් ලූකස් ඇන්තනී (පුතා) උපත – 1985 – 04 - 18

                          2. ද්වාරගා (දුව) උපත – 1986 – 06 - 02

                         3. බාලචන්ද්‍රන් (පුතා) උපත 1996 – 01 – 10

 සංවිධාන

* 1972 දී දෙමළ නව කොටි (Tamil New Tiger) සංවිධානය පිහිටුවා ගත්තේය.

* 1979 – 05 – 05 දින ද්‍රවිඩ ඊළාම් කොටි සංවිධානය (LTTE) පිහිටුවා ගත්තේය.

 දින චර්යාව

* දවස ආරම්භ කරනුයේ දිනකට මිනිත්තු 30 ක් ඇවිදමිනි. පසුව මිනිත්තු 20 ක් තෙල් සහිත විශේෂ සම්බාහනයක් කර ස්නානය කරයි.

* විවේකයේදී රූපවාහිනි නැරැඹීම සහ දකුණු ඉන්දීය රූපවාහිනී සේවාවන් නැරැඹීම.

* සන්ධ්‍යා වරුවේ විශේෂ පුද්ගලයන් හමුව ඉහළ පෙළේ එල්. ටී. ටී. ඊ. නායකයන් හමුව සිදුකරයි.

* සවස 5 ට පමණ නැවතත් මිනිත්තු 30 ක් ඇවිද මිනිත්තු 20 ක් පමණ තෙල් සම්බාහනය කර ස්නානය කරයි.

* දවසේ මේ අතරතුර අනාථ වූ දරුවන් සහ මරාගෙන මැරෙන ප‍්‍රහාරවලට සූදානම් කෙරෙන මධ්‍යස්ථාන පරීක්‍ෂාව, පරිගණක මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ ආදිය සිදුකරයි.

 ආහාරය

* අඟහරුවාදා සිකුරාදා සහ සෙනසුරාදා යන දිනයන්හි ප‍්‍රභාකරන් ආහාරයට ගන්නේ එළවුළු මිශ‍්‍ර ආහාර පමණි.

* තලගොයි මස්, මුහුදු මාළු, කකුළුවා, ඉස්සා, කැස්බෑවන් සඳහා කැමැත්තක් දක්වයි.

* උදෑසන ආහාරය සඳහා හාල්පිටිවලින් සෑදූ පිට්ටු, සම්බෝල සහ මුරුංගා හොදි කෑමට පි‍්‍රය කර තිබේ.

* දිවා ආහාරය සඳහා බත් සහ ව්‍යංජන ගන්නා ලදී.

* රාතී‍්‍ර ආහාරය පාන් පිටිවලින් සෑදූ ආහාරවලට රුචි බවක් පෙන්නුම් කර තිබේ.

* ආහාරයට ප‍්‍රථම සියලුම ආහාර වර්ග දැඩි සෝදිසියට ලක්කෙරේ. එසේම නිදාගන්නා ස්ථාන ද දැඩි පරීක්‍ෂාවට ලක්වූ අතර නිතරම ස්ථාන වෙනස්වීම් ද දක්නට ලැබුණි.

සෞඛ්‍ය තත්ත්වය (මියයාමට කලකට පෙර)

* දෙවෙනි කාණ්ඩයේ (type 2 Diabetes) වලින් පෙළෙමින් සිටියේය. මේ නිසා 2004 සිට ආහාර පාලනය සිදුවිය.

* අධික රුධිර පීඩනය නිසා ස්නායු අකී‍්‍රය වීම, හෘදයාබාධ ඇතිවීම, හදවත අකර්මන්‍ය වීම, වකුගඩු අකර්මණ්‍ය වීමට ඉඩ ඇති බව අනතුරු අඟවා තිබුණි.

* TIA (A Transient Ischemik Attak) යන රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිටියේය. සතියකට දෙවරක්වත් මේ රෝගී තත්ත්වය මතුවන අතර අවසාන කාලයේ ඔහු කණ්ණාඩි දැමීමට හුරුවූයේ මේ නිසා බව කියවේ.

* 2007 නොවැම්බර් හිදී ගුවන් ප‍්‍රහාරයකට ලක්වීම නිසා කකුලකට සහ අතකට තුවාල සිදුවී තිබුණි.

 මොනවද කළේ ?

ලෙයින් තෙත් කළ පුදබිම්

මහ මඟ සිටි මරුවා

නොනිමෙන ගින්නෙන් ගිනි ගත් හදවත්...

දහස් ගණනින් මරු තුරුළට

විනාශ කළ අනාගත පරපුර

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්