කොටි ඝාතනය කළ ආගමික නායකයන්

කොටි ඝාතනය කළ ආගමික නායකයන්

මිදිරි පාන්දර පසුවෙමින් තිබිණි. සුපුරුදු පරිදි රියදුරු අසුනට පැමිණි සමරපාල එහි අසුන් ගත්තේය. සුක්කානම වටා සිය දෙඅත තුන්පාරක් යැවූ ඔහු අත්දෙක එක්කොට සුක්කානමට ආචාර කෙළේය.

සෙල්ලයියා පරමේෂ්වරම් කුරුක්කල්තුමා ජනපතිතුමාට ආශිර්වාද කරමින්

දිගු ගමනක් යාමට වගකීම් තම උර මත රැදී ඇති බව දැනගත් ඔහු රිය පණගන්වීය. ඊළඟට සියලු දෙනාගේම සාදුකාර මාධ්‍යයේ පළවූ ගියරයට මාරු කළ ඔහු සිය ගමන ඇරැඹුවේය.

අම්පාරෙන් ඇරැඹෙන මේ ගමන කැලණිය, කළුතර හරහා කතරගමට යාමට ය. හෑගොඩ ශී‍්‍ර ඉන්ද්‍රසාර නාහිමියන් වහන්සේත් උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ 28 නමකුත් කොන්දොස්තර ජිනදාස සහ තවත් දෙදෙනකු බස් රථයේ විය.

මෙසේ අම්පාරෙන් ගමන් අරඹන 60 ශී‍්‍ර 3599 බස් රථය අරන්තලාව, නුවරගල්තැන්න ප‍්‍රදේශයේ 29 කණුව අසලට ළඟාවෙමින් පැවැතිණි. හදිසියේම මහ මග සිටි කිහිපදෙනෙකු මාර්ගය මැදට පැන බස් රථය නැවැත්වීය.

තුවක්කු, කඩු, මන්නා දෑත් දරා සිටි ඔවුන් බසයට ගොඩවී බස් රථය අතුරු මාර්ගයකට ගෙනයන ලෙස සමරපාලට නියෝග කළහ. සමරපාලට ද කරන්නට තිබුණේ බස් රථය ඔවුන් කී පෙදෙසට හැරවීම ය.

අරන්තලා භික්ෂු ඝාතනය

“උඹලා ළඟ තිබෙන සල්ලි දීපල්ලා” එකෙක් මුර ගෑවේය.

වහා කි‍්‍රයාත්මක වූ ජිනදාස සියලු මුදල් ත‍්‍රස්තයන් අත තැබීය. ඉන්ද්‍රසාර නාහිමියෝද තමා සතුව තිබූ ඔරලෝසුව ත‍්‍රස්තයකු අතේ තබමින්;

“මාව මරන්න මේ අහිංසක දරුවන්ට මොකුත් කරන්න එපා යැ’යි බැගෑපත් වූයේය.

“මරපියව්” එකෙක් දෙමළෙන් කෑගැසීය.

ලද අණින් කි‍්‍රයාත්මක වූ සෙසු ත‍්‍රස්තයෝ ඉන්ද්‍රසාර හිමියන්ගේ හිසට පහර දුන්හ. වන විපත දැකගත් සාමණේර හිමිවරු වහා බස්රථයේ අසුන් යට ගුලිවූහ. එහෙත් ත‍්‍රස්ත‍්‍රයෝ කුඩා සාමනේරයන් වහන්සේ කෑගසද්දී අසුන් යටින් එළියට ඇද තුවක්කු, කඩු, මන්නා භාවිතාකරමින් කසාවන් බුද්ධ චීවරය රත් පැහැ කළහ.

අරන්තලා භික්ෂු ඝාතනය

මෙසේ 1987 ජූනි 02 දින අරන්තලාව පමණක් නොව ලෝකයම මහත් කම්පාවට පත්කළ ත‍්‍රස්තවාදීන් උතුරු, නැඟෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක හෑගොඩ ශී‍්‍ර ඉන්ද්‍රසාර නාහිමියන් සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 30 නමක් ඝාතනය කළහ.

ත‍්‍රස්තවාදීන් සිය මිලේච්චත්වය ලොවට ප‍්‍රකාශ කළ තවත් එක් සිදුවීමක් ලෙස එය ඉතිහාසයට එක්විය. සියලු ජාතීන් අතර සමගිය, සහජීවනය, මෙති‍්‍රය, කරුණාව ඇතිකිරීමට උත්සාහ කරන පූජ්‍ය පූජක පිරිස් උවැසි උවැසියන් සිය ගණනින් එල්. ටී. ටී. ඊ. ය පසුගිය කාලය පුරාවට ඝාතනය කෙළේය.

බෞද්ධයන් විසින් මහත් ගෞරවයෙන් සලකන ශී‍්‍ර මහා බෝධිය වන්දනා මාන කිරීමට පැමිණි උවැසි උවැසියන් 146 දෙනෙකු කුරිරු ලෙස ඝාතනය කෙළේද මේ ත‍්‍රස්තවාදීන්ය. 1985 මැයි මස 14 වෙනි දින සිදුවූ මේ සිදුවීමෙන් ශී‍්‍ර මහා බෝධිය ඉදිරිපිට වතාවත් කරමින් ශ‍්‍රද්ධාවෙන් ඇලලී සිටි මොවුනගෙන් ඒ පවිත‍්‍ර තිබූ ඒ භªමිය ලේ විලක් කෙළේ ත‍්‍රස්තයන්ය.

එල්. ටී. ටී. ඊ. යේ මේ ඝාතන බෞද්ධයන්ට පමණක්ම උරුමවූවක් නොවීය. ඉස්ලාම්, හින්දු, කි‍්‍රස්තියානි ආගමිකයන්ද මෙමගින් දැඩි ලෙස පීඩාවට පත්වූහ. 1985 දෙසැම්බර් 20 දින මඩු දේවස්ථානයට වන්දනාවේ පැමිණි හයදෙනෙකු එල්. ටී. ටී. ඊ. ය ඝාතනය කෙළේය.

කිතලගම ශී‍්‍ර සීලාලංකාර නාහිමි

1986 ජූනි මස 04 දින ති‍්‍රකුණාමලය ආනන්දකුලම් ප‍්‍රදේශයේදී බකමූණේ සුභද්‍රාලංකාර නාහිමි ඇතුළු 20ක් මරාදැමුණේද ත‍්‍රස්තයන් විසින්ය.

මඩකළපුව කාන්තන්කුඩි ඉස්ලාම් පල්ලියක යාඥා කරමින් සිටි මුස්ලිම් වැසියන් 120ක් කොටින් කපා කොටා මරාදැමුවේ 1990 අගෝස්තු 03 දිනය.

නැඟෙනහිර පළාතට ඉමහත් සේවයක් කළ භික්ෂූන් වහන්සේනමක්වූ දිඹුලාගල ආරණ්‍ය සේනාධිපති කිතලගම ශී‍්‍ර සීලංකාර නාහිමියන් 1995 මැයි 26 දින එල්. ටී. ටී. ඊ. ය ඝාතනය කෙළේය.

එසේම බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවට 1998 ජනවාරි 25 දින එල්. ටී. ටී. ඊ. ය පහරදුනි. මෙරට 50 වෙනි නිදහස් සැමරුම පැවැත්වීමට තිබුණේද මහනුවර ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙනය.

නැඟෙනහිර මානුෂීය මෙහෙයුම අරඹා හමුදා සෙබලුන් වේගවත් ඉදිරිගමනක් ගියහ. එහිදී හමුදා සෙබලුන් දිරිමත් කිරීම උදෙසා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැඟෙනහිර සංචාරයක් කෙළේය.

ඒ 2007 පෙබරවාරි 03 දිනය එහිදී ජනාධිපතිවරයාට ආශිර්වාද කළ සෙල්ලයියා පරමේෂ්වරම් කුරුක්කල් තුමා පෙබරවාරි 07 දින එල්. ටී. ටී. ඊ. ය ඝාතනය කෙළේය.

2009 වර්ෂයේ නබිනායකතුමාගේ උපන්දිනය සැමරීම සඳහා අකුරැස්ස ජුම්මා පල්ලියේදී ජාතික උත්සවය පැවැත්විය. එහිදී සිය ආගමික නායකයා උදෙසා සක්තිමත්ව උත්සවය පවත්වමින් සිටි පිරිස මැදට කඩාවැදුණු එල්. ටී. ටී. ඊ. මරාගෙන මැරෙන බෝම්බකරුවකු බෝම්බයක් පුපුරාගත්තේය.

මෙලෙස ගෙවීගිය කාලය තුළ එල්. ටී. ටී. ඊ. ය සහ ප‍්‍රභාකරන් මෙරට ආගමික සහජීවනයට විශාල හානියක් සිදුකළහ. සියලු ජාතීන් අතර සමගිය පිළිබඳව කතාකළ ආගමික නායකයන් ගණනාවක් කුරිරු ලෙස මරාදමමින් සිය මිලේච්ඡත්වය ලෝකයට පෙන්වීය.

 

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්