කොටි ඝාතනය කළ හමුදා රණවිරුවෝ

කොටි ඝාතනය කළ හමුදා රණවිරුවෝ

ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, ක්ලැන්සි ප‍්‍රනාන්දු රණවිරුවන් බලවේගය මෙහෙයුමේදී

පනය නගරාධිපති ඇල්ෆ‍්‍රඩ් දූරෙයි අප්පා මහතා ඝාතනයේ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායමක් පත් කෙළේය. මේ පර්යේෂණ වලට සහභාගී වී සිටි කරුණානිධි නම් පොලිස් කොස්තාපල්වරයා 1977 පෙබරවාරි 14 වෙනි දින මාවෙඩ්ඩි පුරම්හිදී එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කෙළේය.

දෙමළ ජාතිකයකු වූ කරුණානිධි මහතා දෙමළ සන්නද්ධ කණ්ඩායමක් අතින් ඝාතනය වූ පළමු පොලිස් නිලධාරියා විය.

ඉන් පසුව 1981 ඔක්තෝම්බර් 15 වැනි දින යාපනයේ කන්කසන්තුරේදී එල්.ටී.ටී.ඊ.ය හමුදා ජීප්රියකට එල්ල කළ ප‍්‍රහාරයෙන් තිසේරා සහ හේවාවසම් යන හමුදා සෙබලුන් දෙදෙනා මිය ගියහ.

මෙයද එල්.ටී.ටී.ඊ.ය සිදු කළ වෙඩි තැබීමක් වූ අතර හමුදා සාමාජිකයන් දෙමළ සන්නද්ධ අරගලය තුළ මියගිය පළමු අවස්ථාව විය. මෙලෙස 1983 ජූලි මස 23 වනවිට හමුදා සෙබළුන් පස් දෙනෙකු ගුවන් හමුදා භටයන් දෙදෙනකුද සහ පොලිස් පරීක්ෂක වරුන් පස් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 31කට දෙමළ සන්නද්ධ ව්‍යාපාරය හමුවේ ජීවිතය පූජා කරන්නට සිදුවිය.

ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව බලවේගය මෙහෙයුමේදී

1983 ජූලි මස 24 වෙනි දින මධ්‍යම රාති‍්‍රයේ එල්.ටී.ටී.ඊ.ය විසින් සැලසුම් කරන ලද ප‍්‍රහාරයකින් ලුතිනන් වාස් ගුණවර්ධන මහතා ඇතුළු 13 දෙනෙකු යාපනයේදී මිය ගියහ. එය එතෙක් එකම ස්ථානයක හමුදා සෙබලුන් විශාල ප‍්‍රමාණයක් මියගිය අවස්ථාව විය.

ඒකීය ලංකාවක් බිහිකිරීම සඳහා සිංහල දෙමළ මුස්ලිම්, බර්ගර් ආදී සෑම ජනකොටසකටම එකම ධජයක් යටතේ සහජීවනයෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරය උදාකිරීමට ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය ගෙවීගිය දශක ගණනාව තුළම දිවි පරදුවට තබා කටයුතු කෙළේය.

ම්ලේච්ඡ ත‍්‍රස්තවාදයෙන් රටත්, ජාතියත් ගලවා ගැනීම සඳහා සිය දිවි දෙවෙනිකොට සටන් වැදුණු මේ සෙබලුන්ට සහ ඔවුන්ට නායකත්වය දුන් හමුදා නිලධාරීන්ට සමස්ත ජාතියේම ගෞරවය හිමි වියයුතුව ඇත.

1984 නොවැම්බර් 10 වෙනි දින සිය ජීප් රථයෙන් පලාලි කඳවුරේ සිටගමන් කරමින් සිටියදී පොන්නාලෙයි කඩ්ඩුවාන් මන්සන්ධියේදී කර්නල් ඒ.ආරියරත්න මහතා ත‍්‍රස්තවාදීන් විසින් බිම්බෝම්බයක් අටවා ඝාතනය කරන ලදී. එම වසරේම දෙසැම්බර් 31 වන දින මේජර් අයි.එම්. ඍ.එස්. ඩීන් මහතා මාන්කුලමේදී එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කරන ලදී.

පාරමී කුලතුංග

1992 අගෝස්තු 8 වෙනි දින ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, බි‍්‍රගේඩියර් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ඇතුළු නිලධාරීන් රැසක් යාපනය අරාලි තුඩුවේදී බෝම්බ ප‍්‍රහාරයකින් මිය ගියේය. 1987 මැයි මස වඩමාරච්චි මෙහෙයුමට නායකත්වය දුන් කොබ්බෑකඩුව මහතා ත‍්‍රස්තවාදය රටින් අතුගා දැමීමට විශාල උත්සාහයක් දැරීය. නැවතත් 1992 අගෝස්තු 10 වෙනි දින සිට යාපන අර්ධද්වීපය අල්ලා ගැනීම ස¼ඳහා අවසන් සටන Final Count down ට සූදානම් වෙමින් සිටියේය. ඊට දින දෙකකට පෙර කොබ්බෑකඩුව මහතා ඇතුළු පිරිස මෙසේ ඝාතනයට ලක්වූහ.

ජානක පෙරේරා

එම වසරේම නොවැම්බර් 16 වෙනි දින ශ‍්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කැලැන්සි ප‍්‍රනාන්දු මහතා සහ තවත් නාවික හමුදා සෙබලුන් සිවු දෙනෙකු මරාගෙන මැරෙන ප‍්‍රහාරයකින් ගාලු මුවදොරදී ඝාතනයට ලක්වූහ.

1995 ජූලි 30 වන දින මඩකළපුව මුක්තරාල් ප‍්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් බිම්බෝම්බයක් අටවා නැෙඟනහිර පළාත බාර ආඥාපති ලුතිනන් ජෙනරාල් නලීන් අංගම්මන මහතා ඝාතනයට ලක්කෙළේය.

තුවාන් මුතාලිෆ්

1996 ජූනි මස 4 වෙනි දින සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගියේය. අමාත්‍යවරයා මෙහිදී තුවාල ලැබූ අතර යාපන හමුදා ආඥාපති බිගේඩියර් ආනන්ද හමංගොඩ මහතා මිය ගියේය.

1998 මැයි 14 වෙනි දින වඩමාරච්චි බළ සේනාවේ ආඥාපති වූ බිගේඩියර් ලැරී විජේරත්න පේදුරු තුඩුවේදී ත‍්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට ලක්විය. එම වසරේම නොවැම්බර් මස 11 වෙනි දින යාපනය නගරාධිපති කාර්යාලයේ දී පිපිරීමක් සිදුකර එල්.ටී.ටී.ඊ. ය විසින් බිගේඩියර් සුසන්ත මෙන්ඩිස්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්ද්‍ර පෙරේරා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක මෝහන්දාස් යන මහත්වරු ඝාතනය කැරිණි.

ක්ලැන්සි ප‍්‍රනාන්දු

ජා ඇල පැවැති මැතිවරණ ප‍්‍රචාරක රැලියකදී 1998 දෙසැම්බර් 18 වෙනි දින මේජර් ජෙනරාල් ලකී අල්ගම මහතා එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප‍්‍රහාරයකට ලක්විය.

2005 මැයි 31 දින කර්නල් තුවාන් නතීෆ් මුතාලිෆ් මහතා එල්.ටී.ටී.ඊ.ය තුවක්කු කරුවකු විසින් ඝාතනය කරන ලදී. එල්.ටී.ටී.ඊ සංවිධානයට ප‍්‍රබල තර්ජනයක් වී තිබූ බුද්ධි අංශ ප‍්‍රධානියකු වූ මුතාලිෆ් මහතා මෙරට බුද්ධි අංශය ශක්තිමත් කිරීමට කැපවීමකින් කටයුතු කළ දක්ෂ නිලධාරියෙකි.

විජය විමලරත්න

නියෝජ්‍ය පොලිස්පති චාල්ස් විජයවර්ධන 2005 අගෝස්තු 05 දින යාපනයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් පැහැරගෙන ගොස් මරා දමන ලදී.

2006 ජුනි 26 දින ලුතිනන් ජෙනරාල් පාරමී කුලතුංග මහතා පන්නිපිටියේදී එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කරන ලදී. එම වසරේම අගෝස්තු මාසයේදී විශේෂ කාර්ය බළකායේ පුහුණුකිරීමේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති උපුල් සෙනෙවිරත්න මහතාද එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කරන ලදී.

මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා 2008 ඔක්තෝම්බර් 06 වෙනි දින අනුරාධපුරයේදී මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට ගොදුරුවිය. ඒ වනවිට යුද හමුදා සේවයෙන් විශ‍්‍රාම ගොස් සිටි ජානක පෙරේරා මහතා උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස තේරී පත්ව සිටියේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්