මුද්‍රණය සඳහා

 
පෙෂවෝර් හෝටල ප‍්‍රහාරයේ ත‍්‍රස්තයන්ට හමුදාව පහර දෙති

පෙෂවෝර් හෝටල ප‍්‍රහාරයේ ත‍්‍රස්තයන්ට හමුදාව පහර දෙති

තලේබානුවන් 66 ක් මරා දමලා

ඉකුත් දා පෙෂවෝහි සුඛෝපභෝගි හෝටලයකට බෝම්බ ප‍්‍රහාර එල්ල කළ ත‍්‍රස්ත කණ්ඩායම සැගවී සිටින්නේ යයි සැකකරන ගෝති‍්‍රක ප‍්‍රදේශයකට ප‍්‍රහාර එල්ල කළ පාකිස්තාන් හමුදාව තලෙයිබාන් අන්තවාදීන් 66 දෙනකු මරා දමා ඇත.

අල්කයිඩා සහ තලෙයිබාන් සටන්කාමීන්ගේ තිප්පලක් වන වසිරිස්තාන් දක්වා දැන් සටන ව්‍යාප්ත වී තිබේ. පසුගිය පැය 24 තුළ මරාදමන ලද ගරිල්ලන් 34 අතුරින් 22 කු මරාදමන ලද්දේ වසිරිස්තානයේදී බව වාර්තා වේ.

2001 ඇමෙරිකාව පෙරටු කරගත් ආක‍්‍රමණයෙන් ඇෆ්ගනිස්තානය අත්පත් කරගැනීමෙන් අනතුරුව අන්තවාදීන් ගෝති‍්‍රක ප‍්‍රදේශවලට පලාගොස් සැඟවී සිට ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලදී.

බටහිරට එරෙහි ප‍්‍රහාරයක්ද මෙහිදී සැලසුම් කරන බව අමෙරිකාව කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]