![]() |
||
රජයේ සංශෝධන කි‍්‍රයාවලිය දින 100කින් අවසන් කරන්නඅගමැති මන්මෝහන් සිං නියම කරයි
නිර්මාණාත්මක චින්තනයකින් යුතුව කටයතු කරන්නැයි සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයෙන් පෙරේදා ඉල්ලා සිටි ඉන්දීය අගමැති මන්මෝහන් සිං රජයේ පුළුල් පරාසයකින් යුත් සංශෝධන කි‍්‍රයාවලිය සඳහා දින 100ක අවසන් කාල සීමාවක් නියම කළේය. රජය විසින් ඉදිරිපත් කැර ඇති වැඩපිළිවෙළේදී නිර්මාණාත්මක චින්තනයක ඇති අවශ්‍යතාවය අගමැතිවරයා යළි යළිත් ප‍්‍රකාශකළ බව කැබිනට් ප‍්‍රකාශක කියා සිටියේය. ඒ සමඟම නිරීක්‍ෂණය හා ඇගැයීමේ ක‍්‍රම සම්බන්ධයෙන් යළි සිතාබැලීමක් කරන ලෙස අවධාරණයකළ අගමැතිවරයා මෙහිදී සමානත්වය නවීකරණය හා රාජ්‍ය වගකීම යන්න ආදර්ශ පාඨයක් ලෙස අනුගමනය කළ යුතු බව කීවේය. ඉකුත් මස යළි අගමැතිධූරය සඳහා තේරී පත්වූ ඔහු දුර්වල ඉන්දීය ආර්ථිකය ගෝලීය ආර්ථික අර්බුදයට පූර්වයෙන් පැවැති අංක දෙකේ වර්ධන මට්ටමට යළි නගා සිටුවන බව කියා තිබේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |