මියන්මාරය බලා ගිය ජනාධිපති 

ඇතුළු ශී‍්‍ර ලංකා නියෝජිත පිරිස

නිල සංචාරයක් සඳහා මියන්මාරය බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ශී‍්‍ර ලංකා නියෝජිත පිරිස නේ පේ තෝ ගුවන් තොටුපළේදී මියන්මාර් රාජ්‍යයේ රාජ්‍ය නායකයා වන සාමය හා සංවර්ධනය පිළිබඳ කවුන්සලයේ සභාපති තාන් ෂිව් මහතා විසින් පිළිගන්නා ලදී. එහිදී ජනාධිපතිවරයා යෝෂිත රාජපක්‍ෂ මහතා හඳුන්වා දුන් අයුරු. ..........

 

            ඡායාරූපය - සුදත් සිල්වා







නැගෙනහිර ධීවරයන්ට පැනැ වූ තහංචි ජනපති නියමයෙන් ඉවතට

බැසිල් රාජපක්ෂ නිල වශයෙන් දැනුම් දෙයි

ත‍්‍රස්තවාදී කටයුතු හේතුවෙන් නැගෙනහිර මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නියැළීමට එරෙහිව ධීවරයන්ට පනවා තිබූ සියලු තහංචි ඉවත් කිරීමට රජය ඊයේ (14) තීරණය කෙළේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් මත මෙම තහංචි ඉවත් කළ බව . . . . . .

විස්තර »

දෙරටේ රාජ්‍ය තාන්ති‍්‍රය සබඳතා වර්ධනය ප‍්‍රධානතම අරමුණයි

– ජනාධිපති මහින්ද රාජපක්ෂ

ශ‍්‍රී ලංකාව ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් සම්පූර්ණයෙන් මුදා ගැනීමෙන් පසු ප‍්‍රථම විදේශ සංචාරය ලෙස මියන්මාර් රාජ්‍යයට පැමිණියේ දෙරට අතර පැවැති රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තව තවත් වර්ධනය කර ගැනීමේ අරමුණින් බව මියන්මාර් රාජ්‍ය නායකයා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

විස්තර »

එමීර් රාජ්‍යය හෝටල්-කෘෂි ක්ෂේත‍්‍රවල ආයෝජනයට සූදානම්

- විදේශ ඇමැති ෂෙයික් අබ්දුල්ලා

හෝටල් හා කෘෂිකර්ම අංශවල ආයෝජන කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලාපොරොත්තු වන බව එරට විදේශ ඇමැති ෂෙයික් අබ්දුල්ලා බින් ෂයිඩ් මහතා පැවැසීය.ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලබාදිය හැකි සියලු සහයෝගය ලබා දීමට ද ඒ මහතා පොරොන්දු විය.

විස්තර »

තේරු උත්සවයේ කෑම විස වී

500ක් රෝහලේ : 6කට අසාධ්‍යයි

රම්බඩ වෙදමුල්ල ලිලීස් ලෑන්ඩ් වතුයායේ පෙරේදා (13) පැවති තේරු උත්සවයකට සහභාගිවූවන්ට ලබාදුන් ආහාර විසවීමෙන් 500ක පමණ පිරිසක් රෝහල්ගතකර තිබේ. ආහාර අනුභව කිරීමෙන් පසු ලේ වමනය සහ පාචනය හටගෙන ක්ලාන්තය ඇතිවීමෙන් රෝගී වූ මෙම පිරිස ප‍්‍රතිකාර සඳහා ගම්පොළ, පුස්සැල්ලාව, කොත්මලේ සහ වහුගුපිටිය රෝහල්වලට ඇතුළත් කැර ඇත.

විස්තර »

ටී.56-210ක්-එල්.එම්.ජී 12ක්
ති‍්‍ර’මලයෙන් ගොඩ ගනී

ති‍්‍රකුණාමලයේ තෝනිතෝට්ටම්මඩු ප‍්‍රදේශයේ දී විශේෂ පොලිස් කණ්ඩායමක් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ටී. 56 ගිනි අවි 210 ක් ඇතුළු අවි තොගයක් සොයා ගෙන තිබේ.

විස්තර »

ප‍්‍රථම යතුරු පැදි-පාපැදි මාර්ගය අනුරපුරේ

අනුරාධපුර පාදෙනිය මාර්ගයට යාබදව රුපියල් කෝටි 600ක වියදමින් මෙරට ප‍්‍රථම යතුරු පැදි පාපැදි මාර්ගය ඉදි කිරීමට රජය තීරණය කරයි.මේ යතුරු පැදි පාපැදි මාර්ගය මීටර් එකහමාරක පළලින් යුක්ත වේ. අනුරාධපුර පාදෙනිය මාර්ගය මීටර් අසූ දෙකක දිගින් යුත් අතර මංතීරු දෙකකින් සමන්විත වේ.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .