|
||
මතුගම නිවෙස් නොමැති අඩු ආදායම් ලාභීන්ට කඩිනමින් නිවාස 65ක්
මතුගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප‍්‍රදේශයේ නිවාස නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 65 ක් කඩිනමින් ඉදිකිරීමට පියවර ගෙන තිබේ. ග‍්‍රාමසේවා වසම් මට්ටමින් නිවාස නොමැති අඩු ආදායම්ලාභී විවාහකයන් මේ සඳහා තෝරා ගෙන ඇත. වහළයට පොල් අතු සෙවිළි කළ කටුමැටි බිත්ති සහිත නිවාස මේ සඳහා තෝරා ගෙන ඇත. මේ නිවාස ඉදිකිරීම සඳහා ද්‍රව්‍ය සැපයේ. පවුලේ පදිංචිකරුවන්ගේ ශ‍්‍රම දායකත්වයද ලබා ගනී. මේ නිවාස තැනීමට තෝරා ගත් පුද්ගලයන් හතළිහක් පමණ මේ වන විට අත්තිවාරම් කපා ඉදිකිරීම් ආරම්භ කොට ඇත. නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ලක්ෂ අසුපහක මුදලක් ලබාදී ඇත. කළුතර දිස්ති‍්‍රක් කුසුම් නිවාස ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ නිලධාරී එල්. පි. ලියනආරච්චි මහතා මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරයි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |