මුද්‍රණය සඳහා

 
පාකිස්තානය – නවසීලන්තය පරදවයි

පාකිස්තානය – නවසීලන්තය පරදවයි

උමාර් ගුල්ගෙන් විශිෂ්ට පන්දුයැවීමක්

ලෝක කුසලාන ඕවර විස්සයි / 20 කි‍්‍රකට් තරගාවලියේ නවසීලන්තය සහ පාකිස්තානය අතර පැවැති තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට පකිස්තානය සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 99කට සීමා කිරීමට පාකිස්තාන පන්දුයවන්නෝ සමත්වූහ. එහිදී සුවිශේෂී මෙහෙයක් කිරීමට උමාර් ගුල් සමත්විය. ඔහු 13 වැනි සහ 18 වැනි ඕවර දෙකේදී කඩුලු ද්විත්වය බැගින් ලබාගෙන ප‍්‍රතිවාදී පිතිකරුවෝ මෙල්ල කළේය. ගුල් තම පන්දු ඕවර 4 දී ලකුණු 6ක් පමණක් ලබාදී කඩුලු 5ක් බිඳ හෙලුවේය.

පාකිස්තානය ජයග‍්‍රාහී ඉලක්කය කඩුලු 4ක් පමණක් බිඳ වැටී තිබිය දී පසුකෙළේය.

නවසීලන්තය - සියලුම දෙනා දැවී 99 (18.3) - ස්කොට් ස්ට‍්‍රයිරිස් 22, අබ්දුල් රසාක් 17/2, උමාර් ගුල් 6/5

පාකිස්තානය – කඩුලු 4ක් දැවී 100 (13.1) - කම්රාන් අක්මාල් 19, සහසීබ් හසන්35, සහීඩ් අෆ්රිඩි නොදැවී 29, ඩැනියෙල් විටෝරි 20/2


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]