|
||
චෙස් මාස්ටර්ස් චෙස් 20 – 21 දිනවල
චෙස් මාස්ටර්ස් චෙස් ඇකඩමිය ප‍්‍රථම වරට සංවිධානය කරන බස්නාහිර පළාත් කනිෂ්ඨ චෙස් තරගාවලිය මේ මස 20 සහ 21 දිනවල නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ දී පැවැත්වේ. සෑම දිනකම පෙරවරු 7.30 ට තරග ආරම්භ වන අතර වයස අවුරුදු 10, 12 සහ 15 න් පහළ කාණ්ඩවලින් තරග පැවැත්වෙනු ඇත. තරගාවලියට සහභාගී වන සියලුම ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට සහතික පතක් ද ජයග‍්‍රාහකයන් සඳහා වටිනා පදක්කම් ද පිරිනැමේ. ත්‍යාග ප‍්‍රදානෝත්සවය ජූලි මස පළමු සතියේ කොළඹ විශ්වවිද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය. මේ තරගාවලිය පැවැත්වෙන දින දෙකේ දී චෙස් මාස්ටර්ස් චෙස් ඇකඩමිය සඳහා නවක සාමාජික සාමාජිකාවන් ද බඳවා ගැනීමට නියමිතය. මෙහි ඉගෙනුම ලබන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඉදිරියේ දී ජාත්‍යන්තර තරග සඳහා ඇතුලත් කරන බවද සංවිධායකයෝ පවසති. සියලු විමසීම් අංක 21/6, නව රෝහල පාර, පමුණුව, මහරගම යන ලිපිනයන් හෝ 071 9331387, 0779651511 යන දුරකථන අංක මගින් හෝ chessmasterssl @ gmail . com යන විද්‍යුත් ලිපිනයෙන් ලබාගත හැකිය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |