මුද්‍රණය සඳහා

 
කාලතුවක්කු උණ්ඩ විශ්වමඩුවලින්

කාලතුවක්කු උණ්ඩ විශ්වමඩුවලින්

මුලතිව්, වලයාමඩම්, රාමනාතපුරම් සහ විශ්වමඩු ප‍්‍රදේශවල යුද හමුදාව පෙරේදා (13) සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මිලිමීටර් 15 කාලතුවක්කු උණ්ඩ තුනක්, ආර්.පී.ජී අවි සහ බෝම්බ ඇතුළු අවි ආයුධ තොගයක් සොයාගෙන ඇතැයි යුද හමුදාව කියයි.

වලයාමඩම් ප‍්‍රදේශයේදී 53 වැනි සේනාංකය සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පිස්තෝල 10 ක්, මිලිමීටර් 40 ග්‍රෙනේඩ් ලෝන්චර් 1 ක් ටී.56 අවි 3 ක්, ටී 81 අවියක් ෂොට්ගන් 3 ක්, 3.22 රයිෆල් 3 ක්, නවීකරණය කරන ලද අවියක් සහ රිපීටර් තුවක්කුවක් සොයාගෙන තිබේ.

රාමනාතපුර සහ විශ්වමඩු ප‍්‍රදේශවල 57 වැනි සේනාංකය සිදුකළ මෙහෙයුම්වලදී මිලිමීටර් 152 කාලතුවක්කු උණ්ඩ 3 ක්, මිලි මීටර් 60 බෝම්බ 11 ක්, ටී.56 අවියක්, ආර්.පී.ජී. අවියක් සහ ආර්.පී.ජී. බෝම්බ 70 ක්, ජී.පී.එම්.පී පතරොම් 150 ක් සොයාගෙන ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]