ජේතවන සෑ රඳුන්

පුද සත්කාරයට පෙහෙවෙති


මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහෙයවීමෙන් සංරක්ෂණය කරන ලද අනුරාධපුර ඓතිහාසික ජේතවන සෑ රදුන් වන්දනා මාන කටයුතු සඳහා ලෝක බෞද්ධ ජනතාව වෙත භාර කිරීම අද (18) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින්

 පස්වරු 4.00 ට සිදු කෙරේ.







ටී ආර් ඕ රට සල්ලි ප‍්‍රභාට දුන් වේළුපිල්ලේ - එළියතම්බි දැලේ

රඳවා තබාගෙන විමර්ශන මෙහෙයවන බව රහස් පොලීසිය කියයි

පීඩාවට පත්ව සිටින උතුරේ දෙමළ ජනතාවට සහන සැලැසීමට යැයි පවසා විදේශීය රටවල්වලින් රැස්කළ මුදල් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන් සඳහා ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා අවශ්‍යව සිටි ද්‍රවිඩ පුනරුත්ථාපන සංවිධානයේ සභාපතිවරයා හා තවත් අයකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත රඳවා තබා ගෙන තවදුරටත් විමර්ශන සිදු කරන බව .......

විස්තර »

දකුණෙන් උතුරට වසන්තය අරන්...

යාපනය ජනතාවට අවශ්‍ය හාල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගත් ප‍්‍රථම ලොරි කිහිපය ඊයේ (17) යාපනය බලා පිටත්ව ගියේය. දකුණේ ව්‍යාපාරිකයන් මෙම භාණ්ඩ ගෙන ගිය අතර යාපනයේ ජනතාවගේ කෘෂි නිෂ්පාදන මිලට ගෙන එම ලොරි ආපසු පැමිණීමට නියමිතය. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පැවැසුවේ ඕමන්තේ මුරපොළින් පරීක්ෂාවට ලක් කළ එම ලොරි පෙළ ඊයේ (17) උදේ ඒ – 9 මාර්ගය හරහා යාපනයට පිටත්කර යැවූ බවයි.

විස්තර »

ජේතවන සෑ රඳුන් පුද සත්කාරයට පෙහෙවෙති

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙහෙයවීමෙන් සංරක්ෂණය කරන ලද අනුරාධපුර ඓතිහාසික ජේතවන සෑ රදුන් වන්දනා මාන කටයුතු සඳහා ලෝක බෞද්ධ ජනතාව වෙත භාර කිරීම අද (18) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පස්වරු 4.00 ට සිදු කෙරේ.

විස්තර »

ලංකා බැංකුවට අලුතින් දහසක්

ලංකා බැංකුවට අලුතින් දහසක් දෙනා බඳවා ගැනීමට තීරණය කොට ඇත.ලොව පුරා මූල්‍ය හා බැංකු අංශ ආයතනවලින් සේවකයින් ඉවත් කරන මෙවන් යුගයක අප රටේ රාජ්‍ය බැංකුවට අලුතින් ම සේවකයින් 1000 ක් බඳවා ගැනීමට යෑම ඉතාම සුබදාක තත්ත්වයකැයි රාජ්‍ය ආදායම් ඇමැති සහ මුදල් හා ක‍්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ‘දිනමිණ’ට ප‍්‍රකාශ කෙළේය.

විස්තර »

දඹුල්ල රෝහලේදී 16 හැවිරිදි මවකට දෙබිඩි දරු උපතක්

දඹුල්ල රෝහලේ ගැබිනි වාට්ටුවේ නේවාසිකව සිටි 16 හැවිරිදි ගැබිනි මවකට කළ සැත්කමකින් දෙබිඩි දරු උපතක් සිදු වී ඇති අතර එම දරුවන් මියගොස් ඇති බවද රෝහල් ආරංචිමාර්ග පවසයි.

විස්තර »

කේ.පී. ගේ ගෝලයෝ 3ක්

තායිලන්තයේ දී අත්අඩංගුවට

කොටි සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක ලෙස කටයුතු කරන කේ.පී. හෙවත් පද්මනාදන්ගේ ප‍්‍රධාන ගෝලයෝ තිදෙනෙක් තායිලන්තයේදී ඊයේ (17) අත්අඩංගුවට ගැනිණි.තායි පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් ළඟ ආයුධ තිබූ බවද මෙරටට ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී තිබේ.

විස්තර »

සූකර උණ වැළදුණු දෙවැනි රෝගියාත් හමු වෙයි

සූකර උණ හෙවත් නව ඉන්ෆිලුවෙන්සා රෝගය වැළඳී ඇති බවට හෙළිදරව් වූ ළමයාගේ සහෝදරයාටද එම රෝගය වැළඳී ඇති බවට ඊයේ (17) තහවුරු වූ බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් පීරිස් මහතා පැවැසීය.

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .