මරණ දැන්වීම්

 

 

ආචාර්ය නිහාල් ගාමිණී කළුපෙරුම - දුසිලින් කළුපෙරුම මහත්මියගේ ආදරණීය පුත‍්‍රයා වූද, අසංකා ගුරුසිංහ මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ආචාර්ය නිල්මිණි මහගෙදර යන අයගේ සොහොයුරා වූද, අනිල් අශෝක කළුපෙරුම යන අයගේ සොහොයුරා වූද, ආචාර්ය කපිල මහගෙදර යන අයගේ මස්සිනා වූද, චම්පා කන්නන්ගර යන අයගේ මස්සිනා වූද ආචාර්ය නිහාල් ගාමිණී කළුපෙරුම මහත්මා හදිසියේ අභාවප‍්‍රාප්ත විය. අවසන් කටයුතු 18 වන බ‍්‍රහස්පතින්දා සවස 4.00 ට අළුත්ගම පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. “ජයසෙවණ”, කන්දේවිහාර පාර, කළුවාමෝදර.


එස්. කේ. ජිනදාස - මිලි අමරසිංහගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ශි‍්‍රයානන්ද, හේමමාලි, රංජිත්, මොතිලාල්, චන්දන, බන්දුල හා නැසීගිය ගාමිනිගේ ආදරණීය පියාණන් වූද, ශිරන්ති, විනෝදනි, පි‍්‍රයානි, තනුජා, චම්පා, දීපිකා හා නැසීගිය අයි. ඩී. පෙරේරා (කලු මහත්තයා) ගේ ආදරණීය මාමණ්ඩිය වූද, පහල කොස්ගම විසූ ශි‍්‍රයා ස්ටෝර්ස් අධිපති එස්. කේ. ජිනදාස මැතිතුමා අභාවප‍්‍රාප්ත විය. අවසන් කටයුතු සඳහා ආගමික වතාවත් ජුනි මස 18 වෙනි බ‍්‍රහස්පතින්දා සවස 1.00 ට 334/1/6 පළමු පටුමග, පහල කොස්ගම නිවසේදී සිදුකෙරේ.


ජයවීර කේ.ඩී.පී. (නීතිඥ) - නීතිඥ ෂාමිනි මදප්පුලි ජයවීරගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, සුපුන් සහ උමේෂාගේ දයාබර පියාණන්වූද, සෝමලතා, මාලනී සහ ගජසිරි ජයවීරගේ (නැසීගිය) සොහොයුරුවූද, පියසිරි ජයවීර මහතා අභාවප‍්‍රාප්ත විය. අවසන් කටයුතු 18 වන බ‍්‍රහස්පතින්දා ආගමික වතාවත් ප.ව. 2.00 ට. 106/ඒ, ලේඩි ද සොයිසා ඩ‍්‍රයිව්, ලුනාව, මොරටුවහිදීය. ආදාහන කටයුතු සවස ප.ව. 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරෙන බව සංවේගයෙන් දැනුම් දෙමු.


දිසානායක - පද්මා (විශ‍්‍රාමලත් පාඨශාලාචාරිණී රත්නාවලී ගම්පහ) නැසීගිය එම්. ඒ. පී. එස්. දිසානායක යන අයගේ දයාබර බිරිද වූද, සංජීව, තිලංකා යන අයගේ ආදරණීය මෑණියන්වූද, නිල්මිණි, මහේෂ් යන අයගේ නැන්දණිය වූද, පද්මා දිසානායක මහත්මිය අභාවප‍්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 18 වෙනි බ‍්‍රහස්පතින්දා සවස 3.00 ට උඩුගම්පොල පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදුකරනු ලැබේ. 38, වෙඩිමඩුව පාර, උඩුගම්පොල.


බි‍්‍රගේඩියර් - රොහාන් පරාක‍්‍රම ලියනගේ (පැරි) (විශ‍්‍රාමික - ශී‍්‍ර ලංකා යුධ හමුදාව) - සාවිති‍්‍රගේ දායබර ස්වාමිපුරුෂයා වූද, කෞෂිනිගේ ආදරණීය පියාණන් වූද, නැසීගිය ඩී.එල් සහ අයරින් ලියනගේ යන දෙපළගේ පුත‍්‍රයා වූද, සුනිල් ලියනගේ (රිචර්ඩ් පීරිස් සහ සමාගම) ගේ සහෝදරයා වූද, සුසාර, සමින්ද්‍රි සහ ෂෙහාරාගේ මාමා වූද. තිලකා (එංගලන්තය), රූපා, නිමල්, විජයානි, සේපාලි (ඕස්ටේ‍්‍රලියාව), පුෂ්පාන්ජල්, පුෂ්පකුමාර සහ ශාලිනීගේ මස්සිනා වූද, බි‍්‍රගේඩියර් පැරී ලියනගේ මහතා අභාවප‍්‍රාප්ත වූයෙන් අදාහන කටයුතු 18 වෙනි බ‍්‍රහස්පතින්දා සවස 4.30 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. නිවසින් පිටත්වීම සවස 3.00 ට. 27 ඒ, සුජාතා ඇවනියු, කළුබෝවිල.


ආචාර්ය ජී. කේ. වතුගල - ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ සුනේත‍්‍රා වීරකෝන් මහත්මියගේ ස්වාමිපුරුෂයා වූද, මේඝ, සුමුදු, චූල දූ දරුවන්ගේ පියාණන් වූද කටුබැද්ද විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ වතුගල මහතා අභාවප‍්‍රාප්ත විය. ආදාහනය 2009.06.18 බ‍්‍රහස්පතින්දා සවස 4.00 ට උඩහමුල්ල සුසාන භූමියේදී සිදු කරන බව සියළු ඥාති මිත‍්‍රාදීන්ට දැනුම් දෙනු ලැබේ. අංක 1, විජේරාම පාර, ගංගොඩවිල, නුගේගොඩ. 011-2802775.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා