මුද්‍රණය සඳහා

 
දඩ කොළය දුන්නාට රියැදුරු මගීන්ගෙන් පළි අරන්

දඩ කොළය දුන්නාට රියැදුරු මගීන්ගෙන් පළි අරන්

පෞද්ගලික බස් රථයක් ගාලු පාර අවහිරවන ලෙසට පාර මැද නවත්වා මගින් බැස්සවීමේ වරදට රථවාහන පොලිසියෙන් දඩ කොළයක්දීමෙන් උරණ වූ රියැදුරා ඉදිරියේ ඇති බස් නැවතුම් වල බස් රථය නොනවත්වා ධාවනය කිරීමෙන් මගීන් අමාරුවේ දමා ඇත.

මාර්ග අංක 435 දරන මේ බස්රථය පැලවත්ත නගරයේ සිට කොළඹ බලා ධාවනය වූ එකකි.

මෙහි මගීන් තෙරපී තෙරපී රැදී සිටි අතර කොල්ලුපිටියේ බැසිය යුතු මගීන් නවලෝක රෝහල් හන්දියටම රැගෙන ගිය රියැදුරා , රථවාහන පොලිසිය දඩ කොළයක් දුන්නාට පළි ගත්තේ මගීන්ගෙනි.

මෙහිදී මගීන් කීපදෙනකුට කාර්යාලවට යෑමට ප‍්‍රමාද වූ නිසා තී‍්‍ර රෝද රථ කුලියට ගැනීමට සිදු විය. නොහික්මුණු රියැදුරාගේ හැසිරීම පිළිබඳව මගීන් බස්නාහිර මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියට ලිඛිතව පැමිණිලි කැර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]