මුද්‍රණය සඳහා

 
රොනල්ඩෝ රිය අනතුරක

රොනල්ඩෝ රිය අනතුරක

සුපිරි පාපන්දු ක‍්‍රීඩක කි‍්‍රස්ටියානෝ රොනල්ඩෝ ගමන්ගත් ෆෙරාරි වර්ගයේ මෝටර් රථය මැන්චෙස්ටර් ගුවන් තොටුපොල අසල උමං මාර්ගයේදී අනතුරකට ලක් වෙයි.

උමගේ බිත්තියේ හැපී ඉවතට විසිවී ගිය රොනල්ඩෝගේ මෝටර් රථය වෙනත් වාහනයකට හෝ ජීවිතයකට හානියක් නොවූ හෙයින් නඩු නොපැවැරීමට මැන්චෙස්ටර් පොලිසිය තීරණය කර ඇත. 24 හැවිරිදි රොනල්ඩෝ වසරේ දක්ෂතම පාපන්දු කී‍්‍රඩකයාට හිමි ලෝක සම්මානය ද දිනා ගත්තේය.

ඔහු මෙතෙක් කී‍්‍රඩා කළ මැන්චෙස්ටර් යුනයිටඩ් පිළෙන් ඉවත්වී රියල් මැඩ්රිඩ් පිලට කී‍්‍රඩා කිරීමට පසුගියදා ගිවිසගත් අතර එහි වටිනාකම වූයේ ඩොලර් මිලියන 130 කි. එය පාපන්දු කී‍්‍රඩකයෙකු කී‍්‍රඩා සමාජයක් වෙනුවෙන් එක්වී ලබාගත් වාර්තාගත මුදලකි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]