මුද්‍රණය සඳහා

 
කාන්තා විස්සයි - 20 ප‍්‍රථම අවසන් පූර්ව තරගය අද

කාන්තා විස්සයි - 20 ප‍්‍රථම අවසන් පූර්ව තරගය අද

එංගලන්තයේ පැවැත්වෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ප‍්‍රථම අවසන් පූර්ව තරගය ඉන්දියාව හා නවසීලන්තය අතර නොටිංහැම්හිදී අද පැවැත්වේ.

එංගලන්තය හා ඔස්ටේ‍්‍රලියාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය හෙට ලන්ඩන් ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මේ තරගාවලියේ අවසන් තරගය 21 දා ලෝඩ්ස්හිදී පැවැත්වේ.

ඉන්දියාව කඩුලු 5 කින් ශ‍්‍රී ලංකාව පරාජය කරමින් හා නවසීලන්තය කඩුලු 6 කින් ද. අප‍්‍රිකාව පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබූහ. එංගලන්ත කී‍්‍රඩිකාවන් වෙතින් පාකිස්තානය ලකුණු 63 කින්ද, ඔස්ටේ‍්‍රලියාව වෙතින් ද අප‍්‍රිකාව ලකුණු 24 කින් ද පරාජයට පත්වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]