මුද්‍රණය සඳහා

 
සුමාත‍්‍රාවේ ගල්අඟුරු ආකරයක වායු පිපිරීමකින් 17ක් මරුට

සුමාත‍්‍රාවේ ගල්අඟුරු ආකරයක වායු පිපිරීමකින් 17ක් මරුට

8කට බරපතළයි : තවත් 23ක් හිරවෙලා

ඉන්දුනීසියාවේ බටහිර සුමාත‍්‍රාවේ සෝවාලුන්ටෝහි ගල්අඟුරු ආකරයක ඇති වූ වායු පිපිරීමකින් 17 දෙනකු මියගොස් ඇත. තවත් 23 දෙනකු ආකරයේ හිරවී ඇති බව සඳහන් ය. තවත් 8 දෙනකු බරපතළ තුවාල ලැබ තිබූ හෙයින් රෝහල් ගත කැර ඇත.

පිපිරුමෙන් ආකර බිත්ති කඩාවැටී ඇතැයි සැක පහළ වී තිබේ.

ආකරයෙන් එළියටගත් මළ සිරුරු මුළුමනින් ම පිලිස්සී ඇති අතර ඔවුන්ගේ තත්ත්වය අනුව ඇතුළත හිරවී සිටින්නන්ගේ ඉරණම කෙබ¼ඳු දැයි සිතාගත හැකි ව තිබේ.

ආකරයේ පුපුරා ඇත්තේ මීතේන් වායුවයි. ඉන් මී. 50ක් උසට ගිනිදලු නැගී තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]