මුද්‍රණය සඳහා

 
විවාහ මඟුලකට යද්දී බොට්ටුව පෙරැළී 18ක් අතුරුදන්

විවාහ මඟුලකට යද්දී බොට්ටුව පෙරැළී 18ක් අතුරුදන්

මනාල යුවළගේ මළ සිරුරු හමුවේ

දකුණු දිග පාකිස්තානයේ සින්ද් පළාතේ දී පෙරේදා මංගලෝත්සවයකට සහභාගි වූවන් 22 ක් ඔවුන් ගමන්ගත් බෝට්ටුව පෙරලීමෙන් දියේ ගිලී තිබේ. විවාපත් නව යුවල ද මේ පිරිසට අයත් බව සඳහන් ය.

කාම්පූර්හි සිට සියගම්මානය බලා කාන්ද්කොට් ඇළ මාර්ගය ඔස්සේ ගමන්ගත් ඔවුන්ගේ බෝට්ටුව පෙරළීමෙන් පසු රානී නම් මනාලිය හා මෙහමුද් ඛාන් නම් මනාලයාගේ මෙන් ම ළමයින් දෙදෙනකුගේ මළසිරුරු ඇළෙන් සොයාගෙන ඇත. සෙසු 18 දෙනා අතුරුදහන් ව සිටින අතර ගැලවුම් කණ්ඩායම් ඔවුන් සෙවීම සඳහා ඊයේ ද කටයුතු කරමින් සිටිනු දක්නා ලදී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]