‘සුබසෙත’ පුවත්පතේ
40 වැනි සංවත්සරය

‘සුබසෙත’ පුවත්පතේ 40 වැනි සංවත්සරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (23) පැවැත්විණි. ජ්‍යෝතිෂවේදය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නියැළීම වෙනුවෙන් සම්මානලාභියෙකුට ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සම්මානය පිරිනැමූ අයුරු. ජනාධිපති මහින්ද රාජපක්ෂ හා එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහත්වරු ද මෙහි වෙති.
ඡායාරූපය - සුදත් මලවීර







රටට දැයට ගෝඨාභය කළ සේවයට
ගරු කොට

‘සන්ඩේලීඩර්’ නීතිඥවරු
‘මිග්’ නඩුවෙන් ඉවත් වෙති

සියලු චෝදනා බොරු බව ඔප්පු කරනවා

- පැමිණිල්ලේ නීතිඥ

ඕනෑම ආකාරයකින් සමාව ඉල්ලා සිටීමට තමන් සූදානම් බවට ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ප‍්‍රකාශක විත්තිකාර ලීඩර් ප‍්‍රකාශන සමාගම කරන යෝජනාව ප‍්‍රතික්ෂේප කරන බවත් ගුවන් හමුදාවට ‘මිග්’ ගුවන් යානා මිලදී ගැනීමේදී වංචාවක් කර ඇතැයි කළ චෝදනා සාවද්‍ය මෙන්ම අසත්‍ය ඒවා යැයි ජනතාව හමුවේ ඔප්පු කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ එම්.යූ.එම්.අලි සබ්රි මහතා ගල්කිස්ස දිසා අධිකරණයට ඊයේ (23) දන්වා සිටියේය.

විස්තර »

සන්ධානයෙන් ඌවට නාමයෝජනා
බාර දෙයි

ඌව පළාත් සභා ඡන්ද විමසීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ (23) සිය නාමයෝජනා බාර දුන්නේය.මොණරාගල දිස්ති‍්‍රක්කයට ශෂේන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ද, බදුල්ල දිස්ති‍්‍රක්කයට හිටපු ප‍්‍රධාන ඇමැතිවරයෙකු වූ ඒ. එම්. බුද්ධදාස මහතාගේ නායකත්වයෙන් ද ඊයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නාමයෝජනා භාර දී තිබේ.


විස්තර »

ජෝශප් මයිකල් - ලිලන්ත පෙරේරා එජාප ආසන සංවිධායක ධූර අත්හරිති

පාර්ලිමේන්තු විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මහතා මීගමුව එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ධූරයෙන් ද, උතුරු කොළඹ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලිලන්ත පෙරේරා මහතා සිය සංවිධායක ධූරයෙන් ද ඉල්ලා අස්වී ඇත. ලිලන්ත පෙරේරා මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වී තිබේ.


විස්තර »

ගෝඨාභය ප‍්‍රභාකරන්ට සමාන කරලා: දඬුවම් නොකිරීමට හේතු දක්වන්න

ගල්කිස්ස අතිරේක දිසා විනිසුරු ‘සන්ඩේ ලීඩර්’ට නියෝග කරයි

අපහාසාත්මක ලිපි පළ කිරීමෙන් වළකින බවට දී තිබූ පොරොන්දුව දින 10ක් තුළ කඩකරමින් ප‍්‍රභාකරන් සමඟ සසඳ්‍ර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මානව හිමිකම් උල්ලංඝනය කරන අයකු ලෙස හුවා දක්වමින් පළ කළ ලිපියක් මගින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ලබන ජුනි 9 වැනිදා ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස දිසා විනිසුරු මොහොමඩ් මැකී මහතා ඊයේ (23) ‘සන්ඩේ ලීඩර්’ පුවත් පතට නියම කෙළේය.

විස්තර »


 

විස්තර »



වෙළඳ දැන්වීම් . . . .