|
||
වසර 2010 වන විට මෙරට ඉතිහාසයේ
|
වසර තිහකට වැඩි කාලයක් තිස්සේ රට සංවර්ධනය කිරීමට තිබූ බාධාව නැති කර දැමිමට හැකි වුණා.
දශක තුනකට වැඩි කාලයක් යුද්ධයක් පැවැතියත් ලෝකයේ විවිධ ආර්ථික ප‍්‍රශ්න ඇති වුවත් සන්ධානය රජය කිසිදු රාජ්‍ය සේවකයකු සේවයෙන් ඉවත් කෙළේ නැහැ. රැකියා කප්පාදුවක් ද ඇති වූයේ නැහැ.
ඇමරිකාවේ ඔබාමා ජනාධිපතිධූරයට පත්වූ පසු මේ වන විට එරට විසිදෙලක්‍ෂ පනස් දහසකගේ රැකියා අහිමි වී තිබෙනවා. ලෝකයේ තවත් බලවත් රටවල්වල ද විශාල රැකියා කප්පාදුවක් කර තිබෙනවා.
සෑම සිංහල අවුරුද්දක් ගෙවී ගිය පසු සාමාන්‍යයෙන් එළවුළුවල හිඟයක් ඇති වන නිසා එළවළුවල මිල ඉහළ යාමක් ඇති වෙනවා. එයට හේතු රැසක් බලපානවා. ලබන මාසය වන විට නැවත එළවුළුවල මිල අඩු වෙනවා. හැකි සෑම පුද්ගලයෙකුම වගා කිරීම ඉතා වැදගත්.
හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක සුනිල් පෙරුම්බුලි මහතා - රටේ තිබූ ප‍්‍රධානම ප‍්‍රශ්නය විසැඳීමට සහාය දුන් සෑම දෙනාම රටට කර ඇත්තේ විශාල සේවයක්.
දීර්ඝ කාලයකට පසු හෝමාගම ආසනයට ආණ්ඩු පක්‍ෂයේ නායකත්වය සඳහා කැබිනට් ඇමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිතුමා පියවර ගැනීම පිළිබඳ එතුමාට ස්තුති වන්ත වෙනවා.
මෙම පත්කිරීමත් සමඟ ඉතා කෙටි කාලයක් තුළ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම ආසනය සංවර්ධන කරන බවට ජනතාවට ලොකු විශ්වාසයක් ගොඩ නැගී තිබෙනවා.
මෙහිදී සාම විනිසුරු සමන් කුලතුංග, හෝමාගම දකුණ ග‍්‍රාම නිලධාරී විමලා ගුණවර්ධන යන මහත්ම මහමත්මීන් අදහස් දැක්වූ අතර ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් සිරිපාල දේවමුල්ල, සම්බන්ධීකරන ලේකම් නාලක ජයසිංහ සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු නිහාල් රංජිත් හේවාවසම් යන මහත්වරුන් ද සහභාගි වූහ.