ජාතික කී‍්‍රඩාවට සුපිරි තරු බිහි කරන DSI සුපර් ස්පෝට්ස් තරග ජූලි 4දා සිට

ජාතික කී‍්‍රඩාවට සුපිරි තරු බිහි කරන DSI සුපර් ස්පෝට්ස් තරග
ජූලි 4දා සිට

ජාතික කී‍්‍රඩාවේ හෙට දින සුපිරි තරු බිහිකරන 11 වැනි DSI සුපර් ස්පෝට්ස් පාසල් වොලිබෝල් තරගාවලිය ජූලි මස 4 දා සිට ආරම්භ වේ.


ඩී. එස්. අයි. වොලිබෝල් තරගාවලියේ අනුග‍්‍රහක චෙක්පත ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා වෙත ඩී. එස්. අයි. සැම්සන් පුත‍්‍ර සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කුලතුංග රාජපක්ෂ මහතා පිරිනමද්දී. අධ්‍යාපන අමාත්‍යංශයේ කී‍්‍රඩා අධ්‍යක්‍ෂ එල්. කේ. ජයවීර තරග කමිටු සභාපති රොහාන් පතිරගේ, වොලිබෝල් සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ, සැම්සන් පුත‍්‍ර සමාගමේ සභාපති නන්දදාස රාජපක්ෂ කළමනාකරණ අධ්‍යක්‍ෂ ආර්. නුගලියද්ද හා වෙළෙඳ සාමාන්‍යාධිකාරී රොහාන් සෝමවංශ
මහත්වරු ද මෙහි වෙති.

රටපුරා සියලු දිස්ති‍්‍රක්කවල පැවැත්වෙන මේ තරගාවලියට 14න්, 16න් හා 18න් පහළ පාසල් වොලිබෝල් කණ්ඩායම් 5000කට අධික ප‍්‍රමාණයක් සහභාගිවනු ඇතැයි අපේක්ෂා කැරේ.

DSI සුපර් ස්පෝට්ස් පාසල් වොලිබෝල් තරගාවලියේ දිස්ති‍්‍රක්ක තරග ජූලි මස 4, 5, 11 හා 12 දිනවල පැවැත්වෙන අතර ජූලි 25 හා 26 පළාත් තරග පැවැත්වේ.

ජාතික තරග අගෝස්තු 1 දා සිට 4 දක්වා පැවැත්වෙන අතර අවසන් මහා තරග අගෝස්තු මස අග දී පැවැත්වීමට නියමිතය.

මේ තරගාවලියට සමගාමීව 12න් පහළළ පාසල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් උදෙසා පැවැත්වෙන ච්ඉධ් සුපර් කිඩ්ස් ෆියෙස්ටා’ මිනි වොලිබෝල් තරගාවලිය ද මෙවර පැවැත්වේ.

එහි පළාත් තරග ජූලි 18 හා 19 දිනවල පැවැත්වේ. 12න් පහළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතර ඉතා ජනප‍්‍රිය නව තරග රටාවකින් යුත් නව ආරක වොලිබෝල් අත්දැකීමේ ජාතික තරග අගෝස්තු 1 සිට 4 දක්වා පැවැත්වීමට නියමිතය.

සුපර් කිඩ්ස් ෆියෙස්ටා වොලිබෝල් තුළින් පාසල් දරුවන් කී‍්‍රඩාවට යොමු කිරීමත්, එතුලින් අනාගත වොලිබෝල් කී‍්‍රඩාවට සුපිරි තරු බිහිකිරීමටත් මග පෑදෙන බව ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, වරාය සංවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

පසුගිය වසරේ සුපිරි කිඩ්ස් ෆියෙස්ටා වොලිබෝල් තරගාවලියට කණ්ඩායම් 1000කට අධික ප‍්‍රමාණයක් එක් විය.

උතුරු - නැඟෙනහිර ත‍්‍රස්තවාදයෙන් මුදාගැනීමෙන් අනතුරුව DSI සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගාවලිය මෙවර පැවැත්වෙන හෙයින් එම පළාත්වලින් වෙනත් වසරවලට වැඩි කණ්ඩායම් ප‍්‍රමාණයක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ තරගාවලිය ආරම්භ කළ 1999 වසරේ දී කණ්ඩායම් 198ක් සහභාගි වූ අතර පසුගිය වසර වන විට කණ්ඩායම් 4553ක් දක්වා එය වර්ධනය විය.

DSI සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායම්වලට කුසලාන සහතික හා මුදල් තෑගි මෙවරත් හිමිවේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා