නැගෙනහිර ආඥා මූලස්ථානයට
පැමිණි ආරක්ෂක ලේකම්.

නැගෙනහිර පළාතේ කොටි ත‍්‍රස්තවාදීන් විනාශ කිරීමේ මෙහෙයුමට සකී‍්‍රය දායකත්වයක් සැපයු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන්ට සුබ පැතීම ස¼ඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) නැගෙනහිර ආඥා මූලස්ථානයට පැමිණි අවස්ථාව. පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද බාලසූරිය මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.

 

ඡායාරූපය -
වසන්ත චන්ද්‍රපාල දිගාමඩුල්ල විශේෂ







රවි කරුණානායකට ලක්ෂයක මුදල් ඇප

රටින් පිටවීමත් තහනම් කරයි

විනිමය ආඥා පනත යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතාට කොළඹ මහාධිකරණය රුපියල් ලක්‍ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ දහයක ශරීර ඇපයක් ඊයේ (10) නියම කෙළේය. කරුණානායක මහතාට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති අධිචෝදනා ඇතුළත් අධිචෝදනා පත‍්‍රය විවෘත අධිකරණයේදී ඊයේ ඔහු වෙත බාර දෙනු ලැබිණි.

 විස්තර »

සුබසාධන කඳවුරුවල සිටි
8600
ක් මුදා හැරියා

නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

වවුනියාව සුබසාධන සහ සහන කඳවුරුවල සිටි පිරිසෙන් පුද්ගලයන් 8600ක් ජූලි මස 7 වැනිදා මුදා හැරි බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (10) දැනුම් දුන්නේ ය. එසේම කඳවුරුවල රඳවා සිටින පුද්ගලයන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය ඇතුළු සෙසු පහසුකම් සියල්ල සලසා ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශවීන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට කීය.

විස්තර »

ශ‍්‍රී ලංකා වෛද්‍යවරු දහසක් ලිබියාවේ රෝහල් සේවයට

ශ‍්‍රී ලංකාවේ වෛද්‍යවරුන් දහසක් ලිබියාවේ රැකියා සඳහා යැවීමට විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සම්මුඛ පරීක්ෂණ පවත්වා ඊට සුදුසු වෛද්‍යවරුන් දැනටමත් තෝරාගෙන අවසන් බව අමාත්‍යාංශය පවසයි. තව මාස කීපයක් ඇතුළත ඔවූහු ලිබියාව බලා යති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා....

විස්තර »

මයික්‍රොසොෆ්ට් සිංහල මෘදුකාංග එළිදක්වයි

ලොව ප‍්‍රධානතම පරිගණක මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වූ මයික්‍රොසොෆ්ට් සමාගමේ “වින්ඩොස් විස්ටා” සහ “මයික්‍රොසොෆ්ට් ඔෆිස්” 2007 යන පරිගණක මෘදුකාංග ද්විත්වයේ සිංහල සංස්කරණය එළි දැක්වීම ඊයේ (10) විද්‍යා හා තාක්ෂණ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතා අතින් සිදුවිය.

විස්තර »

හේමකුමාරට 56යි

කෘෂිකර්ම ඇමැති හේමකුමාර නානායක්කාර මහතාගේ 56 වැනි ජන්ම දිනය අදයි. ඇමැති නානායක්කාර මහතාට දිනමිණ සුබ පැතුම්.

යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට උපහාර පිරිනැමීමක්....

ත‍්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීම සඳහා උදාර කාර්ය භාරයක් ඉටු කරමින් නායකත්වය දුන් යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට උපහාර පිරිනැමීමක් ඒ මහතා ප‍්‍රාථමික අධ්‍යාපනය කළ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දී ඊයේ (10) පැවැත්විණි. ඒ අවස්ථාවට එක්වූ යුද හමුදාපතිවරයා ඇතුළු පිරිස මියගිය විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් මොහොතක් නිහඬව නැගී සිටි අයුරු. දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ෆොන්සේකා යන මහත්ම මහත්මීහු ද මෙහි වෙති.

 

ඡායාරූපය - යුද හමුදා මාධ්‍ය ඒකකය



වෙළඳ දැන්වීම් . . . .