මුද්‍රණය සඳහා

 
ගව පැටවුන් 39ක් පොලු මුගුරුවලින් පහර දී ඝාතනය කර....

ගව පැටවුන් 39ක් පොලු මුගුරුවලින් පහර දී ඝාතනය කර....

පුත්තලම කරුවලගස්වැව තබ්බෝව වැව අසබඩ පවත්වාගෙන ගිය ගවයන් ලැඟªම් ගන්නා ස්ථානයක ගව පැටවුන් 39ක් පොලු මුගුරුවලින් පහර දී ඝාතනය කර ඇති බව කරුවලගස්වැව පොලිසිය පවසයි.

ඉකුත් 9 දා රාති‍්‍රයේ මෙම ඝාතන සිදු කර ඇති අතර ඝාතනයට ලක් වූ ගව පැටවුන් වයස අවුරුදු එකකට වඩා අඩු බව පැවසේ.

පෞද්ගලික ආරවුලක් මත මෙම ගවයන් ඝාතනය කරන්නට ඇතැයි ද මෙම අපරාධයට සම්බන්ධ වූ පුද්ගලයා ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]