ඉන්දියාව අත්අඩංගුවට ගත් මෙරට ධීවරයන් 107ක් සමඟ බෝට්ටු 20ක් නිදහස් කෙරේ

ඉන්දියාව අත්අඩංගුවට ගත් මෙරට ධීවරයන්
107ක් සමඟ බෝට්ටු 20ක් නිදහස් කෙරේ

මුහුදු සීමා උල්ලංඝනය කිරීම නිසා ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය මගින් අත්අඩංගුවට ගත් මෙරට ධීවරයන් 107 දෙනකු සහ ඔවුන් ගමන් ගත් ධීවර යාත‍්‍රා 20ක් නිදහස් කර තිබේ.

නිදහස ලැබූ ධීවරයන්ගෙන් 53දෙනකු සහ යාත‍්‍රා 09ක් අද (11) මෙරටට පැමිණීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කියයි. මේ ධීවර යාත‍්‍රා මාතර, කළුතර, ති‍්‍රකුණාමලය සහ තංගල්ල ප‍්‍රදේශ වලින් මුහුදු ගොස් ඇත.

විශ්මි දුව, ලඳුනි – 1, රොෂාන් පුතා, නාමල් - 3, ඉසුරු පුතා - 3, සංජීව - 2, දුෂ්‍යන්ත පුතා, චන්ද්‍රිකා - 2, කපිල පුතා - 2, මෙසේ නිදහස ලබා අද දින මෙරටට පැමිණෙන ධීවර යාත‍්‍රා වේ.

අනෙක් ධීවර යාත‍්‍රා වන නදිල් - 05, සමුදිත, මධුරංග, ප‍්‍රියංකර, ලසිරි – 3, උපුල්, ජය ඉසුරු ජය සිකුරු, නිව්රෝ - 2, විජය – 3, මධු යාත‍්‍රාවන් සහ ඉතිරි ධීවර කාර්මිකයන් 54 දෙනා ඉදිරි සති 02 ක කාලයේදී නිදහස ලබා මෙරටට පැමිණීමට නියමිතය.

ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා ඉන්දියානු බලධාරීන් සමග සෘජුවම පැවැත්වූ සාකච්ඡා වල ප‍්‍රතිඵලයක් ලෙස මේ ධීවරයන් නිදහස් කර ගැනීමට හැකිවී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා