මුද්‍රණය සඳහා

 
වවුනියාවේ වැව්වලට මාළු පැටවුන් මුදා හරී

වවුනියාවේ වැව්වලට මාළු පැටවුන් මුදා හරී

උතුරේ මිරිදිය ධීවර කර්මාන්තය යළි ස්ථාපිත කිරීමේ එක් ව්‍යාපෘතියක් ලෙස වවුනියාව දිස්ති‍්‍රක්කයේ ජලාශවලට නොමිලයේ මත්ස්‍ය පැටවුන් මුදාහැරීමේ වැඩසටහනක් ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

මේ ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ වවුනියාව නාවක්කුලම වැවට මත්ස්‍ය පැටවුන් 50000 ක් මුදා හැරීම පසුගියදා සිදුකරන ලදී.

උතුරු වසන්තය වැඩසටහන යටතේ දින 180 කඩිනම් සංවර්ධන වැඩපිළිවෙළ මගින් එම ප‍්‍රදේශයේ මිරිදිය ධීවර කාර්මිකයන් සඳහා නොමිලේ ඔරු දැල් ආම්පන්න ලබාදීම, ධීවර කාර්මිකයනට පුහුණු වැඩසටහන් පැවැත්වීම, වෙළෙඳ පොළ පහසුකම් සලසාදීම සිදු කෙරෙන බව මෙහිදී නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කෙළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]