මුද්‍රණය සඳහා

 
උතුරේ අතිරික්ත මත්ස්‍ය අස්වනු අද කොළඹට

උතුරේ අතිරික්ත මත්ස්‍ය අස්වනු අද කොළඹට

උතුරේ ධීවරයනගේ ප‍්‍රථම අතිරික්ත මත්ස්‍ය අස්වැන්න කොළඹට ගෙන ඒම ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනයේදී අද (11) සිදු කෙරේ.

යාපනය ධීවරයන් නෙළාගත් මත්ස්‍ය තොගවල අතිරික්තය වන මෙටි‍්‍රක් ටොන් 25 ක ප‍්‍රමාණයක් ඒ – 9 මාර්ගය ඔස්සේ අද කොළඹට ගෙන ඒමට නියමිතය.

මේ මත්ස්‍ය තොග උතුරේ සිට සතිපතා කොළඹට ගෙන ඒමට සැලසුම් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශ ලේකම් ජී. පියසේන මහතා කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]