මුදා ගත් වැසියන්ට අමෙරිකාවෙන් දස ලක්ෂ 200ක ආධාර

මුදා ගත් වැසියන්ට අමෙරිකාවෙන් දස ලක්ෂ 200ක ආධාර

වවුනියාවේ අවතැන් කඳවුරු වල සිටින සිවිල් ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් නංවාලීමට අමෙරිකානු රජය රුපියල් දස ලක්ෂ 200 කට අධික ගිලන් රථ හා වෛද්‍ය උපකරණ ලබාදී තිබේ.

මේ සඳහා වන අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ‍්‍රී ලංකාවේ වැඩබලන අමෙරිකානු තානාපති ජේම්ස් මුවර් මහතා අතර ඊයේ (10) අස්සන් තැබිණි.

මෙහිදී අදහස් දැක්වූ වැඩබලන අමෙරිකානු තානාපතිවරයා ශ‍්‍රී ලංකා රජය ජනතාවගේ සුබ සාධනයට කැපවීමෙන් කටයුතුª කරන බව අමෙරිකානු රජය තේරුම් ගෙන ඇති නිසා මේ ආධාර ලබා දෙන බව කීය.

මේ අවස්ථාවට වැඩබලන සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, අමෙරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍ය කටයුතු පිළිබඳ වැඩබලන නිලධාරි ග්ලෙන් ඩේවිස් මහත්වරුද සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා