මරණ දැන්වීම්

 

 

පර්ලි මාග‍්‍රට් පෙරේරා මහත්මිය - නැසීගිය විල්ෆ‍්‍රඩ් පෙරේරාගේ භාර්යාව වූද, නැසීගිය ඇනස්ලි, නැසීගිය ලීනස්, රන්ජිත්, නිහාල්, රන්ජන් සහ සුදර්ශනීගේ දයාබර මෑණියන් වූද මර්සි, ෂ්‍යාමා, ශීලා, ප‍්‍රියන්ති සහ රොහාන් සිල්වාගේ නැන්දනිය වූද, පර්ලි මාග‍්‍රට් පෙරේරා මහත්මිය අභාවප‍්‍රාප්ත විය. අවසන් කටයුතු ජූලි මස 11 වෙනි සෙනසුරාදා පස්වරු 5.00 ට කොළඹ මාදම්පිටිය පොදු සුසාන භූමියේදී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු. අවමංගල පෙරහැර සවස 3.30 ට වත්තල ඇවරිවත්ත පාර කාඩිනල් තෝමස් කුරේ මාවතෙහි අංක 62/21 දරණ නිවසින් පිටත්වේ.


ලේක්හවුස් ආයතනයේ වසර 42 ක් සේවය කර නැසීගිය කේ. ඩී. අමරදාස මහතාගේ භාර්යාව වූද කේ. ඩී. ජී. නිහාල් ස්වර්ණා තිලකරත්න, කේ. ඩී. හේමකීර්ති සහ කේ. ඩී. තිස්ස ධර්මවංශ (ලේක්හවුස් ආයතනයේ සේවය කළ) නාලනී කරුණාතිලක (මහජන බැංකුව විශ‍්‍රාමික) සුජාතා සිල්වා (සමූපකාර රක්ෂණ සමාගම) කේ. ඩී. ජී. දේවපි‍්‍රය (මෝටර් රථ කාර්මික) කේ. ඩී. ශි‍්‍රයානි පේ‍්‍රමලතා (තිලිණ ෆාමසි) යන අයගේ මෑණියන් වූද බී. එච්. තිලකරත්න (තැපැල් දෙපාර්තමේන්තුව - විශ‍්‍රාමික) චිත‍්‍රා සමරසිංහ, කරුණා රණවක, එල්. ඩී. ඩී. රංජිනී (පුරා විද්‍යා දෙපාර්තමේන්තුව) අසෝකා පෙරේරා (තිළිණ ෆාමසි) යන අයගේ නැන්දණිය වූද රොසලින් පෙරේරා මහත්මිය වසර 90 ක් ආයු වළඳා කලුරිය කළෙන් අවසන් කටයුතු ජූලි 11 වන සෙනසුරාදා පස්වරු 4.00 ට තලාහේන පොදු සුසාන භූමියේදී පැවැත්වෙන බව සංවේගයෙන් දැනුම් දෙමු. නො. 280, නිදහස් මාවත, තලංගම, උතුර, කොස්වත්ත.


ඉන්ද්‍රානි කග්ගොඩතන්ති‍්‍ර මහත්මිය - නැසීගිය මයිකල් බොයිස්ගේ බිරිඳ වූ ද ශ්‍යාමලී (ශාන්ත මැතිව් විද්‍යාලය), අසංකා, විරාජිත් (ලේක්හවුස්) අයගේ මෑණියන් වූ ද ලක්ෂ්මන්, ශිරෝමී, (සම්පත් බැංකුව) අයගේ නැන්දණිය අභාවප‍්‍රාප්ත විය. ආදාහන කටයුතු 11 සෙනසුරාදා සවස 6.00 ට කොටිකාවත්ත, ආදාහනාගාරයේ දී. 11/25, බෝගහවත්ත, කොටිකාවත්ත. දුරකථන 2578688.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා