මතුගම - පැලවත්ත මාර්ගය අබලන්

මතුගම - පැලවත්ත මාර්ගය අබලන්

පස් පැටවූ විශාල ටිපර් රථ ගමන් කිරීම නිසා පැලවත්ත – මතුගම මාර්ගය දැඩි ලෙස අබලන්ව වාහන ගමනාගමනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

මතුගම, දොඩංගොඩ ප‍්‍රදේශයේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා පස් පැට වූ විශාල ටිපර් රථ ගමන් කිරීම නිසා මෙම මාර්ගය මෙසේ විනාශව ගොස් ඇත.

මොරගල මීගහතැන්න ප‍්‍රදේශයේ මාර්ගය ගිලා බැසීමට ලක්ව ඇති අතර විශාල වළවල් දක්නට ඇත.

මාර්ගය දෙපස කැඩී බිඳී කුඹුරුවලට ඇද වැටී ඇත.

මෙම මාර්ගයේ වාහන ගමන් කරන්නේ ඉතාමත් අවදානම් තත්ත්වයකිනි.

උඩුගම, නෙළුව, මඩාලගම, මොරවන සිට කොළඹ දක්වා බස් රථ ගමන් කරන ප‍්‍රධාන මාර්ගයකි. තේ දලු හා රබර් දර ලොරි ගමන් කරන්නේද මේ මාර්ගයෙනි.

මෙම ප‍්‍රධාන මාර්ගය අබලන්වීම නිසා වාහන ගමනාගමනයට දැඩි බාධා පැමිණ ඇත.

මෙම අබලන් තත්ත්වය නිසා අලුත්වැඩියා කර නොමැති හෙයින් පාර කැඩී යාමකට ලක්ව ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ අවධානය යොමුකොට මෙම මාර්ගය අලුත්වැඩියා කරදෙන ලෙස ප‍්‍රදේශවාසීහු ඉල්ලීමක් කරති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා