මුද්‍රණය සඳහා

 
මහරගමින් ඩෙංගු රෝගීන් 170ක් හමුවෙලා

මහරගමින් ඩෙංගු රෝගීන් 170ක් හමුවෙලා

2009 ජනවාරි මස 1 දින සිට ජූනි මස 20 දින දක්වා කාලය තුල මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 170 කි.

සිදුවී ඇති මරණ සංඛ්‍යාව දෙකකි.

මේ රෝගීන්ගේ තොරතුරු ප‍්‍රදේශයේ රජයේ රෝහල් හා පෞද්ගලික රෝහල්වලින් වාර්තා වූ ඒවා පමණි.

කොට්ඨාසයෙන් බහුතර රෝගීන් වාර්තා වී ඇත්තේ කොට්ටාවෙන් හා තලවතුගොඩනි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, නගර සභාව මහරගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ජනතා සංවිධාන එක්ව දැවැන්ත ඩෙංගු මර්දන ව්‍යාපාරයක් කි‍්‍රයාත්මක කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]