වෙහෙරගල ජලාශයේ මංගල දියවර ජනාධිපති  සුරතින්  නිකුත් කෙරිණි.

දශක තුනකට ආසන්න කාලයක් ඌවේ සහ දකුණේ ජනතාවගේ සිහිනයක් ව තිබූ වෙහෙරගල ජලාශයේ මංගල දියවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් පෙරේදා (11) නිකුත් කෙරිණි. එහිදී ජනාධිපතිවරයා වෙහෙරගල ජලාශයේ සොරොව්ව වෙත කැඳවා ගෙන ආ අයුරු. ඇමැතිවරුන් වන චමල් රාජපක්ෂ, ජයතිස්ස රණවීර, මහින්ද අමරවීර, ජගත් පුෂ්පකුමාර, රාජිත සේනාරත්න, අනුර ප‍්‍රියදර්ශන යාපා, ගීතාංජන ගුණවර්ධන, බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර, ඌව පළාත් සභා අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්වරු ද මෙහි වෙති.

ඡායාරූප - ඉන්ද්‍රජිත් පෙරේරා සහ චන්දන පෙරේරා







සරත් මාණ්ඩලික ප‍්‍රධානි:
වසන්ත ආරක්ෂක උපදේශක

19 වැනි හමුදාපති ජගත් ජයසූරිය

16 වැනි නාවික හමුදාපති තිසර

ආරක්ෂක ප‍්‍රධානීන් ලෙසට නව පත්වීම් ලබාදෙමින්, ඉහළ ආරක්ෂක නිලතලවල වෙනසක් සිදුකිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම 15 වැනිදා සිට නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය මහතාද, නව නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් තිසර සමරසිංහ මහතාද පත්කැර තිබේ.

 විස්තර »

වෙහෙරගල නිල් දියවර ජනපති
දෑතින් මුදාහැරේ

අතීත හෙළ රජ දරුවන් ගිය මඟ යමින් ලොවම විස්මයට පත් කළ ජයග‍්‍රහණයක් සනිටුහන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලාංකේය වාරි කර්මාන්තයේ නව පරිච්ඡේදයක් පෙරළමින් වෙහෙරගල ජලාශයේ මංගල දියවර මුදා හැරියේ ය. දශක තුනකට ආසන්න කාලයක් ජල හිඟයෙන් පෙළුණු ලුණුගම්වෙහෙර වැසියන්ටත් කතරගම, හම්බන්තොට හා තිස්සමහාරාම වැසියන්ටත් පානීය හා වාරි ජලය ලබාදීමට ඉදිකළ වෙහෙරගල ජලාශයේ මංගල දියවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් පෙරේදා (11) නිකුත් කෙරිණි.

විස්තර »

අසැබි වෙබ් අඩවිවලට වැට

ශ‍්‍රී ලංකාවේ ළමයින් සම්බන්ධ අසභ්‍ය ප‍්‍රකාශයන්ට එරෙහිව නිශ්චිත සහ දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

විස්තර »

ශේෂා පලිහක්කාර අභාවප‍්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ චිත‍්‍රපට නිෂ්පාදකයෙකු , රංගන ශිල්පියෙකු හා වේෂ නිරූපණ ශිල්පියෙකු වන ශේෂා පලිහක්කාර මහතා අභාවප‍්‍රාප්ත විය. ඩේවිඩ් ලොකු පලිහක්කාර සහ කි‍්‍රස්ටිනා පල්ලාවල මව්පිය දෙපළට දාව 1928 ජූනි මස 5 දා කඩවත දී මෙලොව එළිය දුටු ඒ මහතාගේ සම්පූර්ණ නම වන්නේ ඩේවිඩ් සිඩ්නි ලොකු පලිහක්කාර වන අතර දියණියන් දෙදෙනකුගෙන් හා පුත‍්‍රයෙකුගෙන් ................

විස්තර »

කොටි කාලතුවක්කුවක් මිසයිල 8ක් ඇතුළු අවි තොගයක් සොයා ගනී

කොටි ත‍්‍රස්තවාදීන් වළ දමා තිබූ මිලිමීටර් 130 කාලතුවක්කුවක්, මිසයිල අටක්, විවිධ වර්ගයේ ජීව උණ්ඩ එක්ලක්ෂ දොළොස් දහස් දෙසීයක්, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හා අධි බල පුපුරණ ද්‍රව්‍ය අවි සහ බෝම්බ තැනීමට ගන්නා යකඩ බෝල ඇතුළු යුද උපකරණ රැසක් මුලතිව් සහ පුදුකුඩිඉරුප්පු ප‍්‍රදේශයෙන් සොයා ගැනීමට යුද හමුදාව පෙරේදා (11) සමත්විය.

විස්තර »

හොරණ ප‍්‍රා. සභා නව සභාපති යාමිත්

හොරණ ප‍්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස යාමිත් චන්දන හතුරුසිංහ මහතා පත්ව සිටී. එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ යසපාල කෝරලගේ මහතා බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍රවරයකු ලෙස පත්වීමෙන් සභාපති පදවිය හිස්විය.

විස්තර »

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා......

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපතිවරයා අතින් ලබාගත් අවස්ථාව.

ඡායාරූපය - චන්දන පෙරේරා



වෙළඳ දැන්වීම් . . . .