එජාපය නන්නත්තාරයි: ජවිපෙ බිල්ලකුට බයවෙලා

එජාපය නන්නත්තාරයි: ජවිපෙ බිල්ලකුට බයවෙලා

රාජිත සේනාරත්න - ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති

යුද්ධය නිමාවීමෙන් පසු මෙරට ඇතිවිය යුතු දේශපාලන තත්ත්වය, එජාපය හා සන්ධානය යුද්ධය විසැඳීමට ගත් කි‍්‍රයාමාර්ගවල වෙනස සහ එජාපය නිර්මාණය කිරීමට සැරැසෙන දේශපාලන සන්ධානයට කුමක් වෙයිද ? යන කරුණු පිළිබඳ ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

අවුරුදු තිහක් පැවැති යුද්ධය නිමාවීමෙන් පසු දෙමළ ජනතාවට ලබාදෙන්න ඕනෑ දේශපාලන විසැඳුම මොකක්ද කියල ආණ්ඩුව ඇතුළෙත් පිටතත් කතිකාවතක් ගොඩනැගිල තිබෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද ?

මං වාමාංශික දේශපාලනය කරද්දී එජාපයේ කි‍්‍රයාකාරීව ඉදිද්දි වගේ ම අදත් මේ ප‍්‍රශ්නය ගැන දැරූ දේශපාලන මතය වෙනස් වෙලා නැහැ. ඉදිරියට ඒ මතය වෙනස් වෙන්නේ නැහැ.

මං දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් දිය යුතුයි කියන අදහසේ තමයි ඉන්නෙ. ජනාධිපතිතුමා පවා දෙමළ ජනතාවට විසඳුමක් දෙන්න ඕනෑ කියන අදහසේ තමයි ඉන්නෙ.

පාර්ලිමේන්තුවේදී එතුමා දේශීයව නිර්මාණය වූ විසඳුමක් ගැන අදහස් දැක්වූවා. ඒ නිසා මං හිතන විදිහට 13 වැනි සංශෝධනය ගැන මතවාද ඇතිකර ගන්න ඕනෑ නැහැ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය දැනටමත් කි‍්‍රයාත්මක මට්ටමේ තිබෙන්නෙ. ඒ නිසා ඒක අල්ලගෙන මතවාද ඇතිකර ගන්න ඕනෑ නැහැ.

ඒත් අද 13 වැනි සංශෝධනය නිසා අනවශ්‍ය ගැටුමක් ඇතිවෙලා?

අනවශ්‍ය ගැටුමක් මොකටද පළාත් සභා ගැන ඇති කරගන්නෙ. අධිකරණය පවා පළාත් සභාවලට ඉඩම් බලතල දෙන්න ඕනෑ කියල තීරණය කරල තිබෙන්නෙ.

අද පළාත් සභා ක‍්‍රමය විවේචනය කරන අය, පළාත් සභාවල තනතුරු දරනවා. ජනතා විමුක්ති පෙරමුණේ අය කාලයක් පළාත් සභාවල රිමෝට් කොන්ටෙ‍්‍ර¤ල් එකක් තියාගෙන හිටියෙ.

සර්ව පාක්ෂිත කමිටුවේ යෝජනා ඉදිරියේදී ගෙන ඒමට නියමිතයි. ඒත් මේ සර්වපාක්ෂිත කමිටුවේ සර්වපාක්ෂික බවක් අද වෙද්දි නැහැ නේද?

ඒක ඉතින් සර්වපාක්ෂික කමිටුවේ වරදක් නෙමෙයි. සහභාගි වෙච්ච අයගෙ වැරැද්දනෙ. අද එජාපය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ සන්ධානය සර්ව පාක්ෂික කමිටුව වර්ජනය කළ නිසා තමයි මේ කමිටුවෙ සර්ව පාක්ෂිකත්වය නැති වෙලා තියෙන්නෙ. එහෙම නැතිව සර්ව පාක්ෂික කමිටුවේ වැරැද්දක් නැහැ.

අද වෙද්දි රට ඇතුළෙ තියෙන්නෙ අලුත් දේශපාලන වාතාවරණයක්. කොටි සංවිධානය අකි‍්‍රය වෙලා තිබෙන පසුබිමක රටේ අනාගත දේශපාලනය මොන විදිහකට පෙළ ගැසෙයිද ?

එල්.ටී.ටී.ඊ. සංවිධානය තමයි දෙමළ ජනතාවට ලොකු ම හානිය කළේ ඔවුන් නිසා දෙමළ ජාතියට විශාල පසුබැස්මක් ඇති වුණා විතරක් නෙමෙයි. දෙමළ ජාතියට නායකත්වය ලබාදෙන්න පුළුවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෙමළ නායකත්වය විනාශ කළේ කොටි සංවිධානය විසිනුයි.

ප‍්‍රභාකරන්ට ඒ කළ පව්වලට තමා වන්දි ගෙවන්න සිද්ධ වුණේ. කොටි සංවිධානය නැති ශ‍්‍රී ලංකා දේශපාලනය තුළ අලුත් ප‍්‍රවේශයකුයි ඇතිවෙලා තිබෙන්නෙ.

මේ රට ඇතුළෙ දෙමළ ජනතාවට ලබාදෙන දේශපාලන විසඳුමකට බාධා එල්ල කළේ කොටි සංවිධානය සහ දකුණේ ප‍්‍රතිවාදී කල්ලි කිහිපයකුයි. අද වෙද්දි කොටි සංවිධානය නැතිවීම මගින්ද දෙමළ ජනතාවට සැනසීමේ ජීවත්වෙන්න පුළුවන්කමක් ඇතිවෙලා තිබෙනවා.

විශේෂ දේශපාලන විසැඳුමක් ලබාදීම මගින්, ස්ථිරසාර දේශපාලන විසැඳුමකට අවශ්‍ය දේශපාලන වටපිටාව ගොඩනැගීමටත් පුළුවන් වෙලා තිබෙනවා.

මේ කාරණයේදී ජනාධිපතිතුමාට තමයි විශේෂ ගෞරවය හිමිවිය යුත්තෙ. ඔහුගේ සෘජු දේශපාලන නායකත්වය නිසා තමයි මේ තරම් දිගු ගමනක් වගේ ම, නොසිතූ ඉලක්කයක් කෙටි කාලයක් ඇතුළත දී ජයගැනීමට පුළුවන් වුණේ.

මට ලොකු විශ්වාසයක් තියෙනවා, ආණ්ඩුව ඇතුළෙ හා පිට ඉන්න පටු අදහස් තියෙන ජාතිවාදී සුළුතරය නොතකා, සාමකාමී දේශපාලන විසඳුමකින් උතුරු පළාතේ ගැටලු විසඳ්‍රගන්න පුළුවන් වෙයි කියලා.

අද රජයටත් ජනාධිපතිතුමාටත් ජාතික වශයෙන් විශාල කීර්තියක් අත්වෙලා තිබෙනව. දේශපාලන විසඳුමක් ලබාදීම මගින් ජනාධිපතිතුමාගේ රජයේ කීර්තිය ජාත්‍යන්තරව පැතිරවීමට පුළුවන්කම තිබෙනවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායම විදිහට එජාපය අතහැරලා ඔබ ඇතුළු පිරිසක් ආණ්ඩුවට එකතු වුණේ මීට අවුරුදු දෙක හමාරකට කලින් එදා ඔබ ගත් තීරණය ගැන අද ඔබේ අදහස මොන වගේද ?

ඒ තීරණය ගැන මං අදත් සතුටුවෙනවා. එජාපය ඇතුළෙ ඉඳන් අපි පක්ෂය නිවැරැදි මාර්ගයට ගේන්න ලොකු අරගලයක් කළා. ඒත් එජාප නායකයා විකල්ප මතවලට කන්දෙන්නේ නෑ

අපි 17 දෙනෙක් විපක්ෂයෙන් එළියට බැහැලා ආවේ ඒ නිසා. ඒ වගේ ම අපිට පුළුවන් වුණා ආණ්ඩුව ස්ථාවර කරන්න. ඒ වෙද්දි ආණ්ඩුව හිරවෙලා හිටියෙ.

අපේ එකතුවීමත් සමඟ ඇරැඹූ දේශපාලන ස්ථාවරභාවය නිසා යුද්ධය හරියට කරලා, ත‍්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන්කම ලැබුණා. 2007 අය-වැයේදී ආණ්ඩුව වට්ටන්න ලොකු කුමන්ත‍්‍රණයක් තිබුණා.

 අද මහා දේශපෙ‍්‍ර්මීන් විදිහට කතා කරන සමහරු, එදා එජාපය සමඟ පැය ගණන් කතා කළා ආණ්ඩුව වට්ටන්න. එතැනදි අපි තමයි ආණ්ඩුවේ ස්ථාවරභාවය වෙනුවෙන් සෘජුව ඉදිරිපත් වුණේ. ඒ නිසා අද රට යම් ජයග‍්‍රහණයක් ලබල තියෙනවා නම්, එයින් කොටසක් අපිටත් අයිතියි. ජනාධිපතිතුමා මේගැන හොඳ අවබෝධයකින් ඉන්නෙ.

කොටි සංවිධානය පිළිබඳ ජනාධිපතිතුමා අනුගමනය කළ පිළිවෙත සහ අගමැතිවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා අනුගමනය කළ පිළිවෙත පිළිබඳ, මේ ආණ්ඩු දෙකටම සම්බන්ධ වෙලා හිටිය ඇමැතිවරයෙකු ලෙස ඔබ දකින්නෙ මොන විදිහටද ?

රනිල් වික‍්‍රමසිංහ මහත්මයා උත්සාහ කළේ දේශපාලනිකව සංවාද මට්ටමින් මේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගන්න. ඒත් එතුමා ගේ ඒ පිළිවෙත සාර්ථක වුණේ නැහැ. ප‍්‍රභාකරන්ට මේ දේවල් තේරෙන්න නැහැ.

ඔහු ම්ලේච්ඡත්වයට හුරු වූ පුද්ගලයෙක්. මේ නිසා රනිල් වික‍්‍රමසිංහ මහත්මයාගෙ වැඩපිළිවෙළ සාර්ථක වුණේ නැහැ.

ජනාධිපතිතුමාත් මුලින් දේශපාලන සංවාදයකින් ප‍්‍රශ්න විසඳ්‍ර ගන්න ලොකු උත්සාහයක් ගත්තා. ජිනීවාවලට පවා සාකච්ඡා කරන්න ගියා. ඒත් අන්තිමේදී කොටියා සාකච්ඡා අතහැරලා යුද්ධයම ඉල්ලුව.

කොටියා ඉල්ලපු යුද්ධය ජනාධිපතිතුමා දුන්නා. ප‍්‍රභාකරන්ට තේරෙන තුවක්කු භාෂාවෙන් කතා කරල කොටි සංවිධානය සහමුලින්ම යුදමය විදිහට පරාජය කළා.

මෙතැනදි යුදමය පැත්ත වගේ ම, ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වයත් ඉතාමත් ඉහළින් බලපෑවා.

දේශපාලන නායකත්වය පැත්තෙන් ගත්තහම මහින්ද රාජපක්ෂ චරිතය, රනිල් වික‍්‍රමසිංහ චරියතට වඩා ගව් ගණනක් ඉස්සරහින් ඉන්නෙ. මං මහින්ද, රනිල් දෙදෙනාගේ වෙනස දකින්නේ ඒ විදිහට තමයි.

ජ.වි.පෙ, ආණ්ඩුවට එල්ල කරන අලුත් ම චෝදනාව තමයි ඉන්දියානු බලපෑමට ආණ්ඩුව යටත් වෙලා කියන එක.

ජවිපෙ 1987 කිව්වෙත් ඔය දේමයි. පළාත් සභා එපා කියල පෙළපාළි ගියා.

මිනිස්සු මැරුව. 1999 වෙද්දි පළාත් සභාවල මන්තී‍්‍ර ධූර අර ගත්ත. ජවිපෙ තියෙන්නෙ ඒ වගේ වැනෙන ප‍්‍රතිපත්ති සහ පුහු විරෝධතා පමණයි. මේ අයට හරවත් දේශපාලන තර්ක ගොඩනගලා දේශපාලනය කරන්න බැහැ.

අදත් ඔය බොරු ඉන්දියානු බිල්ලෙක් මවාගෙනයි තියෙන්නෙ. අද මේ අයට සටන් පාඨ නැහැ. යුද්දෙ කරන්න කිව්වා. යුද්දේ කළා. ඒ විතරක් නෙමෙයි, ත‍්‍රස්තවාදය සහමුලින් ම පරාජය කළා.

ඒ නිසා තමයි අද වෙද්දි මේ අය ඉන්දියාවෙ එල්ලිලා ඉන්නෙ. ඒත් අද රටේ ජනතාව ඉතාමත් බුද්ධිමත් පිරිසක්. මේ අයව ලේසියෙන් රවට්ටන්න බැහැ.

වගකිව යුතු රජයක් වුණාම අපේ ප‍්‍රබල අසල්වැසි රට වන ඉන්දියාව සම්පූර්ණයෙන් ම බැහැර කරල වැඩ කරන්න බැහැ. මං කියන්නෙ නැහැ ඉන්දියාවට යටත් විය යුතුයි කියලා. ඒත් අපිට අසල්වැසියා සමඟ යම් අවබෝධයකින් කටයුතු කරන්න සිද්ධ වෙනව.

ඉදිරියට එන්නෙ මැතිවරණ වර්ෂයක් ඉදිරි මාස අට ඇතුළතදී මහා මැතිවරණයක් පැවැත්වීම අනිවාර්යයි. බොහෝ දුරට ජනාධිපතිවරණයකුත් පැවැත්වීමට ඉඩ තිබෙනවා. මේ මැතිවරණවලට ඔබේ කණ්ඩායම මුහුණ දෙන්නෙ කොහොමද?

අපේ තීරණයේ වෙනසක් වෙලා නැහැ. දිගින් දිගට ම ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සහය දෙනව. දැන් තමයි රටට වැඩක් කරන්න පුළුවන් වාතාවරණයක් රටේ ඇතිවෙලා තිබෙන්නෙ. ඒ නිසා ජනාධිපතිතුමාට දිගට ම සහයෝගය දෙන්න ඕනෑ.

ජනතා විමුක්ති පෙරමුණ වගේ මඟදි දාල යන ප‍්‍රතිපත්ති අපි ළඟ නැහැ. අපේ කණ්ඩායමේ බොහොමයක් දෙනා දැනටමත් ශ‍්‍රී.ල.නිප.යේ සංවිධායක ධූරවලට පත්වෙලා ඉන්නෙ. ඒ නිසා අපට දැන් පුළුවන්කම තිබෙනවා, ජනතාව අතරට ගිහිල්ල ඔවුන්ව දැනුවත් කරලා මේ ඉදිරි ගමන යන්න.

අද තියෙන දේශපාලන වාතාවරණයට අනුවනම් එජාපය මේ තරම් අසරණ වෙච්ච කාලයක් මමනම් දැකලා නැහැ. 1994 දී අපි පැරදුනාට, ශක්තිමත් විපක්ෂ දේශපාලනයක් කරලා, 2004 දී එජාප රජයක් බලයට අරගෙන ආවා. ඒත් අද එජාපයට එහෙම ශක්තියක් තියෙනවා කියල මමනම් හිතන්නෙ නැහැ. පක්ෂය කෙළින් කරලා නැගිටවා ගන්න පුළුවන් අය අති බහුතරය අද ඉන්නෙ එළියෙ.

මේ පක්ෂයෙන් ගිය අයගෙ වැරැද්ද නෙමෙයි. අපිට පක්ෂයෙන් යන තැනට වැඩ සැලසූ අයගෙ සහ නායකත්වයේ වැරැදි. අද තත්ත්වය අනුව රනිල් වික‍්‍රමසිංහ මහත්මය නායකකමේ ඉන්නකම් එජාපයට මැතිවරණයක් දිනන්න පුළුවන්කමක් නැහැ.

එජාපය යළි ප‍්‍රතිසංවිධානය වෙමින් දේශපාලන පක්ෂ කිහිපයක සන්ධානයක් විදිහට ඉදිරි මැතිවරණවලට මුහුණ දීමට සූදානම් වෙමින් ඉන්නවා. මේ තත්ත්වය තුළ එජාපයට අනාගත දේශපාල ගමන සාර්ථක කර ගන්න පුළුවන් කමක් ලැබෙයි ද?

මං නම් හිතන්නෙ නැහැ මොන සන්ධානය ගැහුවත් හරි යයි කියලා. ඔය වැඩේ හින්ද පක්ෂය ඇතුළෙ අලුත් අවුලකුත් ඇතිවෙනවා. අද එජාපයට සාර්ථක වීමට ඕනෑනම් පුළුල් ප‍්‍රතිසංවිධානයකට යන්න ඕනෑ විතරක් නෙමෙයි. නායකත්වයේ ඉඳන් ඉහළ මට්ටමේ තනතුරු, වගකීම් සංශෝධනය වෙන්න ඕනෑ.

එහෙම නැතිව පරණ වයින් අලුත් බෝතලයකට දැම්ම කියල වැඩක් නැහැ. අද සන්ධාන ගහගෙන එජාපය කරන්න උත්සාහ කරන්නෙ ඒ වැඩේ. අනික අද මංගල සමරවීරලට තියෙන ජන පදනම මොකක්ද ? ශ‍්‍රීලනිපය ඇතුළෙදි තිබුණ ජන පදනම අද වෙද්දි එයාට නැහැ.

අද දේශපාලන වශයෙන් අනාථ වෙලා ඉන්න කිහිප දෙනෙක් තමයි සන්ධාන ගහගෙන එජාපයේ එල්ලෙන්න උත්සාහ කරන්නෙ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා