|
||
බැළුම්මහර ඔතුදෙන වෙල්යායේ පුරන් කුඹුරු ගොඩකිරීමේ ජාවාරමක්
ගම්පහ බැළුම්මහර ඔතුදෙන වෙල් යායේ සමහර කුඹුරු වෙන්දේසි කර ගොඩ කිරීමට අර අදින බැව් බැළුම්මහර ගොඩගෙදර ප‍්‍රදේශයේ ගොවි ජනතාව පවසති. අක්කර 500 ක් පමණ ඇති මේ වෙල්යායේ මීට පෙර වී වගා කර සරුසාර අස්වැන්නක් ලබාගත් අතර කෘෂි නිලධාරින්ගේ නොමනා වැඩ නිසා වෙල්යායට අයිති කමත පවා විනාශ කර ඇති අතර කුඹුරු යායට යන පාර පවා වසා දමා අනවසර ඉදි කිරීම් කර ඇති බවද ගොවීහු පවසති. මීට අමතරව ප‍්‍රදේශයේ ගොවි සංවිධානයට පවා නොදන්වා ඇළ මාර්ගයක් ද කපා ඇත. හිතුමතේ වැඩ කරන නිලධාරීන් නිසා ප‍්‍රදේශයේ ගොවිජනතාවට තමන්ට අයත් කුඹුරු යාය යළි වී වගා කිරීමට ඇළ මාර්ගයක අවශ්‍යතාව ඇතත් ඒ පිළිබඳව නිලධාරින් කිසිම උනන්දුවක් නොදක්වති. ප‍්‍රදේශයේ ගොවිජනතාව කියා සිටින්නේ මේ වෙල් යායට ජල බස්නා ඇළ මාර්ග හා දැනට විනාශ කර ඇති කමත ලබා දෙන ලෙසත් අනවසර ඉදිකිරීම් ඉවත් කර දීමට වගකිව යුත්තන්ගේ අවධානය යොමු කරන ලෙසයි.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |