මුද්‍රණය සඳහා

 
ප‍්‍රංශ සවාරිය අටවැනි අදියර ලුවිස් ජය ගනී

ප‍්‍රංශ සවාරිය අටවැනි අදියර ලුවිස් ජය ගනී

ප‍්‍රංශ සවාරියේ කිලෝමීටර් 176.5 ක් දුරැති අටවැනි අදියර ජයගැනීමට ස්පාඤ්ඤ ජාතික ලූවිස් සැන්චීස් සමත්විය.

අවසාන මොහොත දක්වා උණුසුම් මුහුණුවරක් ගත් අටවැනි අදියරේ අවසන් කිලෝමීටර් කිහිපයේ කඳු සහිත කොටසේදී ලුවිස් සැන්චීස් ඉදිරියට පැමිණියේය.

ඔහු ගත කළ කාලය වූයේ පැය 4 යි විනාඩි 31 හා තත්පර 50 කි.

ප‍්‍රංශ සවාරියේ අදියර 8 ක් නිමාවෙද්දී සමස්ථ ප‍්‍රතිඵල අනුව ප‍්‍රථම ස්ථානයේ ඉතාලි ජාතික රිනල්ඩෝ නොසෙන්ටිති ද දෙවැනි තැන අල්බර්ටෝ කොන්ටාඩෝ ද සිටිති.

ප‍්‍රථම ස්ථානයට වඩා තත්පර 8 ක් පසුපසින් ලාන්ස් ආම්ස්ටෙ‍්‍රන් සිටී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]