මුද්‍රණය සඳහා

 
ටයිසන්ගේ මීටර් 100 තත්පර 9.77කින් ජය ගනියි

ටයිසන්ගේ මීටර් 100 තත්පර 9.77කින් ජය ගනියි

රෝම ගෝල්ඩන් ලීග් සූරතාවලියේදී අසාෆා පවෙල් පරාජය කරමින් ටයිසන් ගේ මීටර් 100 ධාවන තරගය ජය ගත්තේය. ගේ මේ සඳහා ගතකළ කාලය තත්පර 9.77 කි.

මේ තරග වාරයේ ප‍්‍රධාන තරගාවලියකට ටයිසන් ගේ ඉදිරිපත් වූ මුල්ම අවස්ථාව මෙය විය. 2007 වසරේ මීටර් 100 හා 200 ලෝක වාර්තා පිහිට වූ ගේ තවමත් මනා යෝග්‍යතාවකින් පසුවන බව මෙයින් පැහැදිළි වේ.

ටයිසන් ගේ සමඟ තරග කළ අසාෆා පවෙල් වළලුකර ආබාධයක් තිබුණද තත්පර 9.88 කින් තරගය නිම කෙළේය. ටයිසන් ගේ මේ දක්ෂතාව අමෙරිකානු වාර්තාවක්ද සමඟ පෞද්ගලික හොඳම කාලය ලෙස ද වාර්තා කෙළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]