මුද්‍රණය සඳහා

 
මාරගහදෙණිය මලියදේව කනිටු විදුහලට ක්‍රීඩා පිටියක් නෑ

මාරගහදෙණිය මලියදේව කනිටු විදුහලට ක්‍රීඩා පිටියක් නෑ

මතුගම අධ්‍යාපන කලාපයට අයත් මාරගහදෙණිය මලියදේව කනිටු විද්‍යාලයට ක්‍රීඩා පිටියක් නොමැතිකම එහි ඉගෙනුම ලබන 100 කට පමණ ආසන්න දරු දැරියන්ට බරපතල ගැටලුවක්ව පවතින බව ප්‍රදේශවාසී ජනතාව කියා සිටිති.

මෙම සිසු දරු දැරියන් අතර විවිධ ක්‍රීඩා ඉසව් සඳහා දක්ෂතා දක්වන විශාල පිරිසක් සිටින බවත් එහෙත් ඒවා ප්‍රගුණ කිරීමට ක්‍රීඩා පිටියක් නොමැතිකම ඔවුන්ට සිදුව ඇති බලවත් අසාධාරණයක් බවත් මේ කෙරෙහි අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් ඔවුහු තවදුරටත් කියා සිටී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]