මුද්‍රණය සඳහා

 
මරණ දැන්වීම්



 

ස්වර්ගස්ථවීම්

හැඳල නායකකන්ද යහපත් එඬේරා කන්‍යාරාමයේ ගරු මේරි ස්කොලස්ටිකා ප්‍රනාන්දු කන්‍යා සොහොයුරිය ස්වර්ගස්ත වූවාය. දිව්‍ය පූජා යාගය සහ අවසාන කටයුතු සැප්තැම්බර් මස 10 වෙනි බ්‍රහස්පතින්දා සවස 3.30 ට නායකකන්ද යහපත් එඬේරා කන්‍යාරාමයේදී සිදුකරනු ලැබේ.

මරණ දැන්වීම්

ජී.කේ. පියසිරි චන්ද්‍රදාස ද චිකේරා මහතා - (විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු උප සභාපති ගාලු දිස්ත්‍රික් රජයේ සේවකයන්ගේ විශ්‍රාමික සංගමයේ බද්දේගම ශාඛාව හිටපු සභාපති) ලීලාවතී විතානාච්චි මහත්මියගේ බෑනනුවන් වූද, ඩේසි ගුණවර්ධන මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ධනසිරි සෙනවිරත්න මහතාගේ මාමණ්ඩිය වූද, හේමාලී, ලසිත, දුමිඳු, සුරේෂ්, දමිත්, සුජාතා, මහේන්ද්‍ර, සුජානි, ගයන්ති, සුරංජිත්, යන අයගේ ආදරණීය පියාණන් වූද පියසිරි ද චිකේරා මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු සඳහා 2009 සැප්තැම්බර් 9 වන දින සවස 2.00 ට නිවසින් බද්දේගම ආදාහනාගාරයට රැගෙන යනු ලැබේ. “හේමාලි” මාජුවාන, කෙරදේවල, හික්කඩුව හරහා.


පද්මා මාලනී වෙත්තසිංහ - පානදුර වලානේ “විජිත” නිවසේ පදිංචිව සිටි පානදුර ශ්‍රීලනිප හිටපු ප්‍රධාන සංවිධායක සිට නැසීගිය දොන් පියසේන වෙත්තසිංහ මහතාගේ දයාබර බිරිඳ වූද, ත්‍යාගී (ඕස්ට්‍රේලියාව) රවීන්‍ද්‍රා (ඕස්ට්‍රේලියාව) නාමලී (ව්‍යාපාරික) සුපිපි (සෙබස්තියන් බාලිකා මොරටුව) දීප්ති (ඕස්ට්‍රේලියාව) දයාබර මෑණියන් වූද, අරුණ සමන් (ඕස්ට්‍රේලියාව) තිලක් (ව්‍යාපාරික) චන්දන (බෞද්ධ බාලිකා විදුහල ගල්කිස්ස) අයගේ දයාබර නැන්දණිය වූද ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික මාණ්ඩලික නිලධාරිණී පද්මා මාලනී වෙත්තසිංහ මාතාව අවු. 69 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු සැප්තැම්බර් මස 09 වන බදාදා පස්වරු 4.00 ට මිනුවන්පිටිය සුසාන භූමියේදී සිදු කෙරේ.


යූ. ඩී. විජේසේකර - විශ්‍රාමලත් ආචාර්ය වාරියපොල ශ්‍රී සුමංගල විදුහල, මහනුවර ඩී. එන්. සිල්වාගේ ස්වාමි පුරුෂයා වූද, අනෝමා, ඉන්දු, හසන්ති යන අයගේ පියාණන් වූද, නිලන්තගේ මාමණ්ඩිය වූද, යූ. ඩී. විජේසේකර මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2009 සැප්තැම්බර් මස 09 වන බදාදා ප. ව. 4.00 මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. 21/66 ශ්‍රී ධම්මසිද්ධි මාවත, අස්ගිරිය, මහනුවර.


ලීලා ගුණවර්ධන විතානගේ මහත්මිය (විශ්‍රාමික ශ්‍රී ලංකා මහ බැංකුව) - විතානගේ ගුණවර්ධන (විශ්‍රාමික ඛණිජ තෙල් සංස්ථාව) යන අයගේ දයාබර භාර්යාව වූද, සමින්ද සහ නිලුක්ෂගේ (එක්සත් රාජධානිය) දයාබර මෑණියන් වූද, නාමල් සහ කසුනිගේ (එක්සත් රාජධානිය) දයාබර නැන්දනිය වූද, යලිදු, නිරුණ සහ නිලාරාගේ (එක්සත් රාජධානිය) දයාබර මිත්තණිය වූද, විතානගේ ප්‍රේමතිලක (මහජන බැංකුව විගණන) විතානගේ අනුලාවතී සහ විතානගේ නන්දාවතී යන අයගේ දයාබර සොහොයුරිය වූද ලීලා ගුණවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 9 වෙනි බදාදා කොට්ටාව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අවමගුල් පෙරහැර නිවසින් පිටත්වීම ප. ව. 2.30 ට. 117/1සී, පැරකුම් මාවත, බංගලාවත්ත, කොට්ටාව.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]