මුද්‍රණය සඳහා

 
කළුතරින් ග්‍රෙනේඩ් ලෝන්චරයක් !

කළුතරින් ග්‍රෙනේඩ් ලෝන්චරයක් !

කළුතර ප්‍රදේශයෙන් එස්. ජී. ආර්. 1007 වර්ගයේ ග්‍රෙනේඩ් ලෝන්චරයක් ඊයේ (08) රාත්‍රි 9.25 ට පමණ සොයා ගැනීමට කළුතර පොලිස් විශේෂ විමර්ශන ඒකකය සමත් විය.

කළුතර පොලිස් අධිකාරි කාර්යාලයට ලැබුණු තොරතුරක් අනුව බෝම්බ විදින්නට යොදා ගන්නා මේ ගිනි අවිය සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා ‘දිනමිණ’ ට පැවැසීය.

මේ පිළිබඳව කළුතර දකුණ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]