ශිෂ්‍ය මාර්ගෝපදේශන සේවා මේ සතියේ වහාම අරඹන්නැයි ඇමැතිගෙන් උපදෙස්

ශිෂ්‍ය මාර්ගෝපදේශන සේවා මේ සතියේ වහාම අරඹන්නැයි ඇමැතිගෙන් උපදෙස්

ශිෂ්‍ය මාර්ගෝපදේශන සේවා මේ සතියේ සිට වහාම ක්‍රියාත්මක කරන්නැයි අධ්‍යාපන ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විදුහල්පතිවරුන්ට උපදෙස් දෙයි.

පාසල් ශිෂ්‍යාවන් තිදෙනෙකු ඉකුත් දිනවල දිවිනසා ගැනීම නිසා ශිෂ්‍ය මාර්ගෝපදේශනයෙහි වටිනාකම බෙහෙවින් වැඩිවී ඇති බවත් ඇමැතිවරයා සඳහන් කරයි. උපදේශනය පිළිබඳ විශේෂඥ පුහුණුව ලැබූවන් අටසියයක් ගුරු පද්ධතියේ සිටින අතර සම්පත්දායකයන් දෙසියයක්ද සිටින බැවින්, මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි බව ද ඇමැතිවරයා කියයි.

මේ වැඩපිළිවෙළට සහයෝගය දක්වන්නැයි ගුරු දෙගුරුන් හා සිසු සිසුවියන්ගෙන්ද ජනමාධ්‍යයෙන්ද ඇමැතිවරයා විශේෂ ඉල්ලීමක් කරයි.

පාසල් දරුවන් විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් නිරත නොවීම නිසා විනයගරුකත්වය, දරා ගැනීමේ හැකියාව, ඉවසීම, ගැටලුවලට මුහුණදීමේ ශක්තිය පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම නොලැබෙන නිසා ඔවුන්ට මේ උපදේශනය ඉතා වැදගත් වන බව ද ඇමැතිවරයා කියයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා