ඇනකොණ්ඩා පැටවුන් 20 දෙනාගෙන් අන්තිම පැටවාත් මිය ගිහින්

ඇනකොණ්ඩා පැටවුන් 20 දෙනාගෙන් අන්තිම පැටවාත් මිය ගිහින්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින ගී‍්‍රන් ඇනකොන්ඩා යුවලකට දාව පසුගිය වසරේ අගෝස්තු මස ඉපදුණු ඇනකොන්ඩා පැටව් 20 දෙනාගෙන් අන්තිම පැටියාත් ඊයේ 28 දින දහවල් මියගිය බව සත්ත්ව උද්‍යානයේ සේවකයෝ පවසති.

නොයෙක් හේතු නිසා මේ පැටවුන් මියගිය බව සත්ත්ව උද්‍යාන බලධාරීන් පැවසුවත් සත්ත්ව උද්‍යාන පශු වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත් කම සහ නොයෙක් සංදර්ශන සඳහා නොසැලකිලිමත් ලෙස මේ ගී‍්‍රන් ඇනකොන්ඩා පැටවු යොදා ගැනීම හේතුවෙන් අහිංසක සතුන් 20 දෙනෙකුගේ අවසානය උදා වූ බවද එම සේවකයෝ අප්‍රසාදය පලකරති.

සත්ත්ව උද්‍යාන අධ්‍යක්ෂක දුමින්ද ජයරත්න මහතා අප වෙත කියා සිටියේ ඇනකොන්ඩා පැටවුන් විශාල ප්‍රමාණයක් ඉපදුනත් පැටවුන්ට අවශ්‍ය පහසුකම් සත්ත්ව උද්‍යානය තුළ නොවු බවයි.

මේ වනවිට ගී‍්‍රන් ඇනකොන්ඩා යුවල නැවත වාරයක් පැටවුන් බිහිකිරීම සඳහා සූදානම්ව සිටින බවද ඒ මහතා පැවැසීය.

සත්ත්ව උද්‍යාන පශු වෛද්‍යවරුන්ගේ නියමය අනුව මේ සතුන්ගේ මරණයට හේතු වී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බවද මෑතකදී එක්තරා විද්යුත් නාලිකාවට පැවසූ බවත්, පැටවුන් සියලුදෙනාම මියයන තෙක් මේ බැක්ටීරියාව කුමක්ද යන්න සොයා ගැනීමට නොහැකි වීම ප්‍රශ්නයක් බවත්, සත්ත්ව උද්‍යාන සේවකයන් ප්‍රශ්න කරති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා