මුද්‍රණය සඳහා

 
හදිසියේ රෝගාතුරවීමෙන් විදේශ පුහුණු මධ්‍යස්ථානයේ 40ක් රෝහලට

හදිසියේ රෝගාතුරවීමෙන් විදේශ පුහුණු මධ්‍යස්ථානයේ 40ක් රෝහලට

රත්මලාන පිරිවෙන පාරේ පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ නේවාසිකව පුුහුණුව ලැබූ කාන්තාවන් 40 දෙනෙකු පෙරේදා (27) රාත්‍රී ආහාර ගැනීමෙන් පසුව ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

එදින රාත්‍රි ආහාරය ගැනීමෙන් පසුව හිස කරකැවිල්ල, බඩේ වේදනාව, පාචනය වැනි තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් මේ කාන්තාවන් රෝහලට ඇතුළත් කර තිබේ. ආහාර විෂවීමක්ද වෙනත් හේතුවක් මත රෝගීවීමක්ද යන්න පිළිබඳව සොයා බැලීමට රෝහල් රසායනාගාර මගින් පරීක්ෂණ සිදුකරන බවත්, රෝගී කාන්තාවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලයනල් මුහන්දිරම් මහතා ප්‍රකාශ කරයි.

මේ පුහුණු කිරීමේ මධ්‍යස්ථානයට ආහාර සපයන කළුබෝවිල පාසල් පටුමෙඟ් පිිහිටි නිවසක් පරීක්ෂා කිරීමට දෙහිවල ගල්කිස්ස මහ නගර සභා සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් පියවරගෙන ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]