මුද්‍රණය සඳහා

 
අපේ රටේ කිරි ගොවීනට නවසීලන්තයේ දී පුහුණුවක්

අපේ රටේ කිරි ගොවීනට නවසීලන්තයේ දී පුහුණුවක්

ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් හට නවසීලන්තයේ දී පුහුණුව ලබා දීමේ වැඩසටහනක් පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සකස් කොට ඇත. ගොවිජන සේවා බලප්‍රදේශයකින් ම දෙදෙනකු බැගින් තෝරා ගෙන එම පුහුණුව සඳහා යොමු කැරේ.

කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් සහ ගොවිජන සේවා නිලධාරීන් හමු වූ අවස්ථාවේදී පශු සම්පත් සංවර්ධන ඇමැති සී. බී. රත්නායක මහතා මේ බැව් පැවැසීය.

සෑම කෘෂිකර්ම පර්යේෂන හා නිෂ්පාදන සහකාරවරයකු සඳහා ම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ද දායකත්වය ඇතිව සත්ව පාලනය පිළිබඳ නේවාසික පුහුණුවක් ලබා දීමට ද පියවර ගන්නා බව ඇමැතිවරයා පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]