රණවිරු පවුල්වල ඥාතීන්ගේ කලා කුසලතා ඇගයීමක්

රණවිරු පවුල්වල ඥාතීන්ගේ කලා කුසලතා ඇගයීමක්

ත්‍රිවිධ හමුදා හා පොලිස් රණවිරුවන්ගේ හා ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ කලා කුසලතා එළි දැක්වීමේ ‘’රණවිරු සුවඳ’’ වාර්ෂික කලා මංගල්‍යය සහ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (28) සවස ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය සම්මාන හා ත්‍යාග පිරිනැමූ අවස්ථාව.

ඡායාරූපය : සමන්ත වීරසිරි

එහිදී වයස අවුරුදු 6 - 9, 10 - 13 , 14 - 16 හා 17 - 24 , වයස් කාණ්ඩවල රණවිරු දරුවන් හා දැනට සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදා සහ පොලිස් රණවිරුවන් අතරින් නර්තන , චිත්‍ර , ගීත ගායනා , හා කෙටි කතා කවි රචනා තරගවලට එක්ව ඉන් ප්‍රථම , දෙවන හා තෙවන ස්ථාන දිනාගත් අය වෙනුවෙන් ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කෙරුණි.

රණවිරු මව්වරු හා භාර්යාවන් වෙනුවෙන් ද අත්කම් නිර්මාණ හා නර්තන වෙනුවෙන් සම්මාන පුද කරනු ලැබීය.

කර්මාන්ත සංවර්ධන , ත්‍රිවිධ හමුදා හා පොලිස් සුබසාධන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ කලා මංගල්‍යයට රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා , රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරී හා රණවිරු අධිකාරියේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු , පොලිස් සුබසාධන අංශයේ නියෝජ්‍ය පොලිස්පති ඩී. එස්. ආර්. වානගුරු මහත්ම මහත්මීන් ඇතුළු රණවිරුවෝ හා එම පවුල්වල ඥාතීහූ එක්ව සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා