දෙහිවල ගුවන් පාලමේ වැඩ ඔක්තොබර් 10ට පෙර අවසන්

දෙහිවල ගුවන් පාලමේ වැඩ ඔක්තොබර් 10ට පෙර අවසන්

දෙහිවල නව ගුවන් පාලමේ වැඩ ඔක්තෝම්බර් මස 10 වැනිදාට පෙර අවසන් කිරීමට නියමිත බව පාලමේ වැඩකටයුතු සිදුකරන ඉංජිනේරුවෝ පවසති.

ගාලු පාරේ පවතින අධික වාහන තදබදය මඟ හැරීම සඳහා රජය මඟින් කොළඹ නගරය ආශ්‍රිතව ඉදිකරනු ලබන 4වැනි ගුවන් පාලම වන්නේ දෙහිවල නව ගුවන් පාලමයි.

මංතීරු දෙකකින් යුක්ත දෙහිවල ගුවන් පාලමේ දිග මීටර් 330ක පළල මීටර 8.8කින් යුක්ත වේ.

රුපියල් මිලියන 870ක වියදමින් ඉදිකළ මේ ගුවන් පාලමේ වැඩ නිම වී රථවාහන ගමනා ගමනය සඳහා විවෘත වීමෙන් පසු දෙහිවල නගර මධ්‍යයේ දී නිරන්තරයෙන් ඇති වූ වාහන තදබදය අඩු වනු ඇති බවට දෙහිවල රථවාහන පොලිසිය විශ්වාස කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා