මුද්‍රණය සඳහා

 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලම් 73 ගැන වාර්තාවක් ලබා දෙන්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලම් 73 ගැන වාර්තාවක් ලබා දෙන්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉඳීකර ඇති පාලම් 73 පිළිබඳ සවිස්තර වාර්තාවක් තමා වෙත කඩිනමින් ලබා දෙන්නැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැති ටී. බී. ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ගාල්ල පෝද්දල ප්‍රදේශයේ දී පාලමක් කඩා වැටී යම් අවාසනාවන්ත සිද්ධියක් වාර්තා වූ බවත්, එවන් සිද්ධීන් නැවත සිදුවීමට කිසිසේත් ඉඩදිය නොහැකි බවත්, ඇමැතිවරයා අවධාරණය කෙළේය.

මොරටුව විශ්ව විද්‍යලයේ ඉංජිනේරු අංශය මඟින් මේ පාලම් හැත්තෑතුනේ ඉදිකිරීම් හා ප්‍රමිතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් ළඟදීම බාර දීමට නියමිත බවද, අමාත්‍යාංශයට පරිබාහිර ඉංජිනේරුවන්ට එම කටයුත්ත බාර කෙළේ ද ඉතා විනිවිදව සිදුකළ යුතු නිසා බවද හෙතෙම කීය.

මෙහි වාර්තාව තමා වෙත ලැබීමෙන් අනතුරුව නිසි ප්‍රමිතියෙන් තොර සියලුම පාලම් කඩා ඉවත් කිරීමට තමා නියෝග කරන බවටද ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.

එසේම තත්ත්ව වාර්තාව පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද දැනුවත් කරන බව හෙතෙම වැඩිදුරටත් කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2008 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]